(අංජුල මහික වීරරත්න)

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් (1970 අංක 15 දරණ) සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නීති ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ විට චූදිතයන්ට හෝ අභියාචකයන්ට ඔවුන්ගේ දඬුවම් කාලයට අමතරව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවීම යුක්ති සහගත නොවන බව හඳුනා ගැනීම මත චූදිතයන් ,අභියාචකයන් බන්ධනාගාරයේ ගත කළ කාලය ඔහුගේ දණ්ඩන නියමය යටතේ බන්ධනාගාර ගත කළ යුතු කාලයෙන් අඩු කිරීම පිළිබඳව සලකා බැලීමට හැකිවන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 223(5)සහ 333(5) වගන්ති සංශෝධනය කිරීම පිණිස 2023.2.20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.