IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නූතන පටාචාරාවකට පිහිට වූ උසස් පෙළ සිසුවා

(අයි ආර් ඉන්දික)

සැඩ පහරකට හසුව දියේ ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක තම දිවි පරදුවට තබා බේරාගත් උසස්පෙළ පාසල් සිසුවකු පිළිබඳ පුවතක් බිබිල මැදගම 17 කනුව ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම විරක්‍රියාව සිදුකර ඇත්තේ මැදගම 17 කනුව පදිංචි මැදගම අමුනේකඳුර ජාතික පාසලේ 12 වසරේ වානිජ අංශයේ ඉගෙනුම ලබන ඩි එම් ලක්ෂිත දිල්ශාන් සිසුවායි.

මෙම පාසල් සිසුවා විසින් බේරාගෙන ඇත්තේ  බිබිල සේනාපතිය පදිංචි නන්නපුරාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියකි.

අනතුරට මුහුණදුන් දැරිය මව හා තම බාල සහෝදරයා සමග 17 කනුව ප්‍රදේශයේ පිහිටි සියාගේ දානමය පිංකමක් සඳහා සහභාගිවිමට මැදගම 17 කනුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන්ඔය හරහා පිහිටි සපත්තු පාලමෙන් එතෙර වෙමින් සිට ඇත.

මිටර් එක හමාරක් පමණ තිබු වතුරට බැස මව පළමුව කුඩා පුතු පාලමෙන් එතෙර කර  දෙවනුව මෙම දියණිය අතින් අල්ලාගෙන පාලමෙන් එතෙර වෙමින් සිටියදි දියණියගේ පය ලිස්සා ගොස් මවගේ අතින් ඇය ගිලිහි සැඩ පහරට හසුවි ගසාගෙන ගොස් තිබේ.

දියේ ගිලි ගසාගෙන තම දරුවා බේරාදෙන ලෙස එම ඔය ආසන්නයේ සිටි කිහිපදෙනකුගෙන් මෙම මව කෑ ගසා උදව් ඉල්ලා සිටියත් කිසිවකුත් ඉදිරිපත් වි නොමැති අතර මව  එගොඩ තබා සිටි කුඩා දරුවා දියට පනිවි යැයි බියෙන් ඔහුව බේරා ගැනිම සඳහා වහා වහා එගොඩ විමට උත්සහ දරා තිබේ.

එම අවස්ථාවේ මෙම පාසල් සිසුවා වහා එම ස්ථානයට පැමිණ  සැඩ පහරට පැන මිටර් 50ක් පමණ දුර සැඩ පහරේ පිහිනා ගොස් මෙම දැරිය බේරාගෙන ගොඩට ගෙනැවිත්  තිබේ.

 



අදහස් (12)

නූතන පටාචාරාවකට පිහිට වූ උසස් පෙළ සිසුවා

මහේෂ් Monday, 26 December 2022 12:05 AM

ඔබගේ මේ වීර ක්‍රියාවට අපගේ ගෞරව ප්‍රණාමය. අම්මා කෙනෙකුගේ ලොකු ගින්නක් නිවලා දුන්න මේ දරුවාට ජයෙන් ජයම වේවා.

:       1       24

කෝසල Monday, 26 December 2022 06:30 AM

එම වීර ක්‍රියාව සිදුකළ පුතණුවන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගී සම්පත්තිය සමග සකල සෞභාග්‍ය උදාවේවා

:       0       21

Anura Nanayakkara p Monday, 26 December 2022 07:51 AM

වීර සිංහල කොල්ලෙක්.සම්මාන ප්‍රධානය කල යුත්තේ මෙවැනි වීරෝධාර දරුවන්ටය

:       3       22

sam Monday, 26 December 2022 08:02 AM

නිර්භීත දරුවෙක් .ඔයාට බොහොම පින්

:       0       24

Senarath Monday, 26 December 2022 09:11 AM

ඒ පුතාට අපේ උපහාරය .ඉගෙනීමේ කටයුතු හොඳින් නිමකර උසස්පෙළ හොඳින් සමත් වී ජීවිතය ජයගන්න ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා

:       0       25

jagath Monday, 26 December 2022 10:19 AM

වීර ක්‍රියාව කරපු සිසුවාගේ ෆොටෝ එකක් වත් නැහැනේ

:       0       18

කිරිපුතා Monday, 26 December 2022 10:39 AM

මෙවැනි මානූෂීය වීරයන් ඇගයීම ඉතා උසස් දෙයකි. එම වීර පුතණුවන්ට සමස්ථ ජාතියේම ප්‍රණාමය !

:       0       20

මැක්ස් Monday, 26 December 2022 11:52 AM

මෙම වීර ක්‍රියාව සිදු කළ දිරිමත් පුතුට සුබාශිංෂණ පුද කළ යුතු සේ ම වාර්තාකාර මහත්මයාට සිංහල බස හැසිරවීම පිළිබඳ පාඩමක් ලබා දීමට ලංකාදීප සංස්කාරකතුමා පියවර ගත යුතුය. වාර්තාවේ පළමු ඡේදයට අනුව, ජල පහරට හසු වූ දැරිය ව්සින් තරැණයා බේරා ගෙන ඇත. තෙවැනි ඡේදයට අනුව ද ජල පහරට හසුව ඇත්තේ තරැණයා ය! (මැක්ස්, ඔබේ පෙන්වා දුන් වරද නිවැරදි කර ඇත. වරද පෙන්වා දීම ගැන ඔබටත්, එම වරද නිවැරදි කරන ලෙස අදහස් යොමු කර තිබූ අනෙක් හිතවතුන්ටත් අපේ ස්තූතිය) 

:       1       8

fairoos Monday, 26 December 2022 12:45 PM

නිර්භීත දරුවෙක් .ඔයාට බොහොම පින්

:       0       4

Sarath Monday, 26 December 2022 01:14 PM

මැක්ස් මහත්මයාගේ අදහසට මමත් එකඟයි. මේ උතුම් ක්‍රියාව සිදුකළ පුතාට අපගේ ගෞරවය හා ප්‍රණාමය. කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා කිරීම පිළිබඳව වාර්තාකාර මහතාටත් ස්තූතියි.

:       0       3

නිපුන් Monday, 26 December 2022 01:53 PM

ඔය තියන්නේ. බලපන් හොඳට.

:       0       3

රත්නමාලි Sunday, 15 January 2023 07:35 AM

ඔබ වැනි වීර පුතෙක් බිහිකළ දෙමව්පියන් ට අශීර්වාදයක් වේවා. පුතේ ඔබට අඅනාගතය ජය ගැනීමට සියලු දෙවියන්ගේ පිහිටයි !!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දිගාසිරි ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site