(අංජුල මහික වීරරත්න)
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වා ගෙන යන ආකාරය හා දේශීය වශයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය, RAMIS පද්ධතියේ දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීම යනාදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. කාර්යක්ෂම බදු පරිපාලනයක් සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
මෙම ප්‍රයත්නයේ ප්‍රධාන අරමුණු වන, බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගනුදෙනු සඳහා POS (Point of Sale) යන්ත්‍ර හඳුන්වා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම පියවර මඟින් රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ.
වත්මන් රජය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් සිදු කළ මැදිහත්වීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ අරමුණු පහසුවෙන් සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම රජයේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහනේ වැදගත් පියවරක් වන අතර මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට