IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


දෙයියන්දර ව්‍යාපාරිකයා ආයුර්වේද ගොඩනැගිල්ලක් හදා ආණ්ඩුවට දෙයි

(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ කර සුවතා සංචාරක කර්මාන්තයක් (wellness tourism ) බිහි කළ යුතු බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පී. පියසිරි රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු  නව තෙමහල් වාට්ටු සංකීර්ණය  විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මෙම නව තෙමහල් වාට්ටු සංකීර්ණය  ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා සහ ඔහුගේ දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබූ අතර මෙහි දී වාට්ටු සංකීර්ණය  නිල වශයෙන් රජය වෙත බාර දීමේ සන්නස් පත්‍රය  දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා විසින්  අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනමන ලදී. 

මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති සඳහා මෙම රෝහල කදිම උදාහරණ සපයන බව පැවසීය.

සමාජ වගකීමකින් යුතු ව්‍යාපාරිකයින් පිළිබඳ ආදර්ශ අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන දක්ෂ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය මේ යුගයේ  පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ය.



අදහස් (0)

දෙයියන්දර ව්‍යාපාරිකයා ආයුර්වේද ගොඩනැගිල්ලක් හදා ආණ්ඩුවට දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1307 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 472 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site