
(මනෝප්රිය ගුණසේකර)
මහවැලි අධිකාරියට පවරාගෙන ඇති දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට සුදුසු සහනයන් ලබා දෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දිවුලපතාන ග්‍රාමය මහවැලි අධිකාරියට පවරා ගැනීමෙන් තමන්ට විකල්ප ස්ථාන හෝ වන්දි නොදී විවිධ අන්දමේ හිරිහැර කර ගමෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ගම්වැසියන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මහවැලි අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද ආබෲ මහතා ඒ බව දැනුම් දුන්නේය.
අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්තුරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි. බෙංගමුවේ නාලක හිමියන් සහ දිවුල පතාන ගම්වාසීන් පිරිසක් ගොනුකොට තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත
IFrame

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd