(ෂේන් සෙනෙවිරත්න)
දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්මතී ලලිත් පතිනායක මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් ඉල්ලීමට පිටුපා කුරුණෑගල දෙසින් පැමිණෙන බැතිමතුන් සහිත වාහන මාවතගම මැටිබොක්ක ප්‍රදේශයෙන් නැවැත්වීමටත් මාතලේ දෙසින් පැමිණෙන වාහන අළුවිහාරය ප්‍රදේශයෙන් නැවැත්වීමටත් මහියංගන ප්‍රදේශයෙන් පැමිණෙන වාහන හසලක ප්‍රදේශයේදී නැවැත්වීමටත් හඟුරන්කෙත ප්‍රදේශයෙන් පැමිණෙන වාහන මයිලපිටිය රණවිරු උද්‍යානය අසලදී නැවැත්වීමටත් ගම්පොළ ප්‍රදේශයෙන් පැමිණෙන වාහන වැලිගල්ල ප්‍රදේශයෙන් නැවැත්වීමටත් කොළඹ ප්‍රදේශයෙන් පැමිණෙන වාහන මාවනැල්ල ප්‍රදේශයෙන් නැවැත්වීමටත් පියවර ගන්නා බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කියයි.
දැනට පැමිණ සිටින බැතිමතුන් කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත් දළදා වන්දනාව සඳහා බැතිමතුන්ට නැවත පැමිණීමට අවශ්‍ය දැනුම් දීම සිදුකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd