IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දළදා මාලිගාවේ නිළමවරයා වෙන්න 6 ක් තරගයට එති

(යොහාන් භාසුර)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමවරයා පත්කර ගැනීමේ ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබේ.

වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, දමින්ද බණ්ඩාර, ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක, ගාමිණී කලුහෙන්දිවල, රොෂාන් පස්සරමුදලිගේ සහ මහාචාර්ය තිලක් සුභසිංහ යන මහත්වරු මෙම ඡන්දයට ඉදිරිපත් වීමට නියමිතය.

එම නිලවරණයට වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු හයදෙනෙකු ඉදිරිපත් වී සිටීම නිසා දැඩි තරගයක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් එම නිලවරණය අධීක්ෂණය සඳහා ආණ්ඩුව මැදිහත්විය යුතු බවත් සිවිල් සංවිධාන පවසයි.

ජනාධිපතිවරයා වෙනස්කර රටේ පාලනයේ වෙනසක් කළා සේම ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලනයේ වෙනසක් දකින්න නම් දියවඩන නිලමේවරයා වෙනස් කළ යුතු බවත් විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා පැවසීය.

සිවිල් බුද්ධි පෙරමුණ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ සඳහන් කළේය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කිරීමට පුද්ගලයකුට නිශ්චිත කාලයක් සීමා කරමින් වගන්තියක් ඇතුළත් කළ යුතු බවත් මෙරට දේශපාලන බලය වෙනස් වූ සේම බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ද වෙනස් විය යුතු යැයි මෙරට ජනතාව විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

වර්තමාන දියවඩන නිලමේවරයා වසර 20 කට ආසන්න කාලයක් එම තනතුරේ කටයුතු කරන බව කී සංජය මහවත්ත මහතා එළඹන දියවඩන නිලමේවරයා පත්කර ගැනීමේ ඡන්දයේදී මුදල් ද සැරිසරන බවට දැනගන්නට ලැබී ඇති බවද සඳහන් කළේය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලේ සිට වර්තමාන දියවඩන නිර්මලවරයා කටයුතු කරන බව කී මහවත්ත මහතා පැවසුවේ වංචා දූෂණ නැති පුද්ගලයෙක් මේ තනතුරට පත් කරන ලෙස අස්ගිරි නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

රටේ ඡන්දයක් තියේදී ඒ ගැන සොයා බලන්න ෆැපරල් කියලා සංවිධානයක් තිබුණත් දළදා මාලිගාවේ නිලමේවරයා පත්කිරීම නිරීක්ෂණය කිරීමට කිසිවෙකු නොමැති බවත් එම ඡන්දය අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කළ යුතු බවත් සංජය මහවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (8)

දළදා මාලිගාවේ නිළමවරයා වෙන්න 6 ක් තරගයට එති

Sami Ahangamage Sunday, 14 September 2025 10:48 AM

ඔබගේ වැඩක් බලාගන්න...

:       4       33

සමන්-ඕමානය Sunday, 14 September 2025 11:28 AM

මම යෝජනා කරනවා මේ තරඟයට JVP (ජාන විකෘති පෙරමුණ) එකෙනුත් පුද්ගලයෙක් ඉදිරිපත් කල යුතුයි කියා. එවිට, ඒ දවස් වල බෝම්බයක් ගසා ඉවර කරන්න බැරිවුණු දේවල්, නීත්‍යානුකුලවම කරන්න පුළුවන් නේ . මාලිගාවේ තැන්පත් මුදල්, වස්තු සම්භාරය පැලවත්තේ අරමුදලට බැර කරන්න බැරියැ.. ඔය ගඩොල් ගොඩවල් වලට වන්දනාමාන කරන, මිනිස් ඇට කෑලි වලට පුද පූජා පවත්වන ප්‍රාථමික අඳබාල ආගමික සංස්කෘතික ඇදහිලිත් සම්පූර්ණයෙන්ම තුරන් කරන්න පුළුවන් නේ....

:       19       49

ජීවනී රත්නායකMonday, 15 September 2025 05:27 AM

මේ සමන් වගේ බුද්ධි හීන, හිගන මානසිකත්වයක් ඇති අයගේ කමෙන්ට්ස් වලින් මේ ෆෝරම් එකත් සවුත්තු වෙනවා.

:       1       4

pakeer Sunday, 14 September 2025 12:47 PM

මොනවද තියෙන්න ඕනෙ සුදුසුකම්...?

:       11       6

Krishan Sunday, 14 September 2025 07:57 PM

ඔය ආණ්ඩුවෙන් තමයි මහාචාර්ය කෙනෙක් දාලා ඉන්නේ කැපවිමක් කරන්න පුළුවන් අයයි පත්වෙන්න ඕනෑ. දැන් ඉන්න ප්‍රදිප් නිලංග තමන්ගේ කාර්‍යය හොදට කරගෙන ආවා.. මහනායක උන්වහන්සේලාත් සමග මෙයාලා යහපාලන සමයේ ප්‍රශ්න ඇතිකළා.. ඒකට මහනායක උන්වහන්සේලා මැදිහත්වීම නිසා නැවතුනා එක නැවතත් කරලියට ගෙන්න යන්නේ හමුදාපතිවරයා කතෝලිකයකු පත්කලා සේම ආණ්ඩුව දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරට කතෝලික පල්ලියේ කෙනෙක් පත්කිරීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන් එතරම් හොද ජනාධිපති කෙනෙක් ඉන්නේ රටේ...

:       0       4

Ven.D.Revatha Thero Monday, 15 September 2025 08:18 AM

බුදුන් වහන්සේ ට බාර කාරයෙක් උවමනාද? ගිහියෙකුට දළදා බාර දිම බුදුන්ට නින්දාවක්. දළදා ව මහ නාහිමිවරු බාර ගත යුතුය. අනෙක බුදු දහමට විරුද්ධ බනක් මාතලේ කියන්න ගියාලු. එක නන්දිමිත්තගේ ගෙදර තිබ්බලු. ඒක හරිද. බුදුදහමට විරුද්ධ නම් කොහේවත් තිබිය නො හැක යන්න තේරුම් ගන්න බැරි සංඝ නායකවරුද ඉන්නේ?

:       0       0

ගුණයා Monday, 15 September 2025 09:24 AM

කවුරුහරි දූෂිතයෙක් නම් අනෙක් අය විශ්වාසදායක තොරතුරු සමඟ අල්ලස් කොමිසමට යා යුතුයි. ඒ වෙනුවට මාධ්‍යයට කියනවා

:       0       3

Lalla Monday, 15 September 2025 09:38 AM

දියවඩන නිලමේ බස්නායක නිළමේ.... මේ තනතුරුවලට මේ තරමට ඉල්ලුම ජාතික සේවයක් කරන්නද? නැතිව තමන්ට සේවය කර ගන්නද? කතරගම හිටපු බස්නායක නිලමේ කෙනෙක් මේ දවස්වල මුදල් වංචාවකට සැකපිට යකඩ කූරු ගනිනව. රත්නපුර මහ සමන් දේවාලේ හිටපු කෙනෙක් අනියම් බිරිඳ මැරීමේ චෝදනාවකට හිරේ ගියා.. මේ තනතුරුවලට සුදුසුකම් මොනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31306 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13500 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 108 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 933 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site