
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (7) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර සාකාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකි.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදු කර මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පැමිණිල්ලිකාර ව්‍යාපාරිකයා විසින් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයට මෙම වසර සඳහා නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවේ සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා වර්ෂයන් සඳහා රුපියල් ලක්ෂ 11ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙන බව කොමිෂන් සභාව පවසයි
එම හිග බදු මුදල අඩුකර මෙම වසර සඳහා නිස්කාසන වාර්තාව ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් පනස් දහස දක්වා අඩුකර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය
එම අල්ලස් මුදලින් රුපියල් 42,000ක් පසුගිය තුන්වෙනිදා මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් ලබාගෙන ඉතුරු මුදල වූ රුපියල් අටදහසක මුදල ව්‍යාපාරිකයාගෙන් ලබා ගත් බව කියනඅවස්ථාවේ වැටලීමක් සිදුකර නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද කොමිසම සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.
2025 දෙසැම්බර් මස 04
695
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශීය ආදායම් බදු නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට
සෙනෙවිරත්න Monday, 07 July 2025 07:37 PM
මම අහල තියෙන විදියට ඕක තමයි වෙන්නේ. ඔන්න හොයාගන්නවා සල්ලි හොයන මිනිහෙක්, උදාහරණයක් විදියට ටියුෂන් මාස්ටර් කෙනෙක් , එයාට කියනව ඔහේ මෙච්චර ගානක බදු ගෙවන්න තියෙනවා වහාම අපගේ අහවල් නිලධාරියා හම්වෙන්න, නැත්නම් නඩු දානව කියලා ඒ පාර යනවා ඩීල්එක රජයට යන බද්ධ හංගනවා. ගාණක් කපා ගන්නවා අර කට්ටිය. හැබැයි ඊළඟ වසරේත් ඕක වෙනවා... එතකොට වෙන සෙට් එකක්, ඔය දොල දීලා සදහටම ගැලවෙන්න බැරි බව තේරුම් ගත් මහත්මයෙක් මේකට හරියට වැඩ කරලා මුන්නැහැ මාට්ටු කරලා, ඒක බොහොම හොඳයි. මේ නරක පුරුද්ද වහාම නතර විය යුතුයි මේ පාලනය යටතේ වත්, මේවා නොකර හිටපල්ලා, නැත්නම් ජීවිතයේ අවසාන කාලෙ හිරේ තමයි ඉන්න වෙන්නේ...
chaminda Monday, 07 July 2025 10:56 PM
සමහර කම්පැණි වල මෙයාලා එක්ක ඩීල් දාන්න වෙනම කෙනෙක් ඉන්නවා. නියම වැඩේ කියන්නේ පොර අදාළ නිලධාරියාට දහදාහක් දෙනවා නම් ඒකෙනුත් කෙනෙක් මාටියා ගහනවා...