
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙම තර්ජනය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ වන විටත් පොලිසිය මගින් අනතුරු හඟවා ඇතැයිද දැන ගන්නට ඇත
උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් 29 දා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවසට ගොස් ඒ මහතා මුණගැසී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්ජි පානි ඉම්රන් නැමැත්තා ඔහුගේ සමීපතම සගයන්ට ඔහුව ඝාතනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වී ඇති බව දන්වා ඇති බවට ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම බුද්ධි නිලධාරින්ද එම තර්ජනය සම්බන්ධයෙන් ඒ පිළිබඳ සනාථ කරමින් වාර්තාවක් පොලිස් මූලස්ථානය වෙත මේන විටත් යොමු කර ඇතැයි ද වැඩි දුරටත් දැනගන්නට ඇත.
තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ තොරතුරු ඇතුළත් බුද්ධි අංශය මගින් වෙනම වාර්තාවක්ද පොලිස් මුලස්ථානය වෙත ලබා දී ඇති බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන පාතාල කල්ලි නායක තනතුර තියෙන්නෙ ජනාධිපති තනතුරටත් ඉහළින් ද...පෝය දෙකකට ගොඩක් වැඩියි දැන්....දේශබන්ධුට ටියුෂන් ගන්න කාලෙ හරි මගෙ හිතේ...
දෙමට ගොඩක් තියෙන පැත්තෙ රුවන් කුඩු මුදලාලි විසඳුමක් දේවි.
එහෙනං ඉතිං හොදම විසදුම ආයෙ රිමාන්ඩ් එකට දාන එක තමයි!
ලංකාවේ පාතාලය විනාස කරලා දාන්න පුළුවන් කියල අභියෝග කරලා බලේට ආපු මහත්තයෙක් හිටිය, ඒ මහත්තයා කොමා එකකද ඉන්නේ?
ඕවා ප්ලෑන් කරන්නේ කංජිපානිට මුවාවෙලා???? රටම දන්නවා
ආරක්ෂාව දෙන්නෙ කලබල වෙන්න එපා. ඇප කැන්සල් කරල රිමාන්ඩි කලා නම් හරි. ඔහොම තමයි පාතාලයෝ එක්ක එක පතේ කාපුවාම අන්තිමට විසිකරන කොන්ඩම් බවට පත්වෙනවා. අනේ මන්දා, මෙයාට ඉස්සරල හිටපු කිසිම පොලිස්පති වරයෙන් මේ වගේ කඩප්පුලි තතවයට පත් උනේ නෑ.
මං මේ බංකුවකුත් අරං බදුල්ලේ යන ගමන් ටියුෂන් ගන්න... කෝ මේ ඇමැති…?
තර්ජන තියෙනවා නම් එය අධිකරණයට දන්වන්න. එතකොට තමුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරාවි. ක්‍රමවේදය ඒකයි. නැතිව නඩුවක චූදිතයින්ගේ ගෙදරට පොලිස් ආරක්ෂාවත් දීලා බැකප් වාහන දෙන්නේ නෑ... ගමන් බිමන් යන්න.