IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්

(ගයාන් සූරියආරච්චි)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

එම විමර්ශනවලින් අනතුරුව දේශබන්දු තෙන්නකොන් මහතාට ඇත්තේ කුමන ආකාරයේ ජීවිත තර්ජන ද?, එම තර්ජනවල ස්වාභාවය අනුව දේශබන්දු තෙන්නකොන් මහතාට ආරක්ෂාව ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන බවත් මනතුංග මහතා පැවැසීය.

දැනට විදේශ රටක සැගවී සිටින පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සූදානමක් ඇති බවට අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ අතුරුගිරිය පොලිස් ස්ථනාධිපතිවරයා ඉකුත් දා දේශබන්දු තෙන්නකොන් මහතාගේ නිවෙසට ගොස් ඒ බව දන්වා තිබුණි.

දේශබන්දු තෙන්නකොන් මහතා සක්‍රීය සේවයේ සිටින වකවානුවේ පාතාල මර්දනයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විවිධ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරිමට කටයුතු කිරිමත් පාතාලය මැඩීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙසේ තර්ජනය එල්ලවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඉකුත් දා ප්‍රකාශ සටහන් කරගත්තේය.



අදහස් (2)

දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්

Perera Tuesday, 06 May 2025 12:10 AM

මෙයාගේ ගැත්තෝ පරීක්ෂණය කරනවා නම් ඉතින් හොරගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.

:       0       2

fairoos Tuesday, 06 May 2025 12:45 PM

පොලිසිය ඉස්සෙල්ලම ක්ලීන් කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31394 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13638 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 134 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1037 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 284 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site