
(ගයාන් සූරියආරච්චි)
අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ.
දේශබන්දු තෙන්නකොන් මහතාගේ ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද ඉවත් කරන ලෙස ජනපති ලේකම් සනත් නන්දිත කුමානායක මහතාට පොලිස් මූලස්ථානයෙන් ලිපියක් යවා ඇති බව පැවැසේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාට නිල නිවාසයක්, නිලමෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයෙ නිලධාරීන් හය දෙනකු, පොලිස් විශේෂ කාර්ය බළකායන් නිලධාරීන් දෙදෙනකු සහ වැටුප් සහිත වරප්‍රසාද හිමි වී තිබිණ.
වැලිගමදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් තැබූ බව කියන වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් එවකට පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිම සදහා නියෝග නිකුත් කර තිබුණි.
එම නියෝගයට අනුගත නොවී දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මගහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බවද පැවැසේ.
මේවන විට දේශබන්දු තෙන්නකොන් මහතාගේ ජංගම දුරකතන තොරතුරු සහ රැදී සිටින ස්ථාන පිළිබදව පරික්ෂණ සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණයට බාර වේයැයි සිතා දින කීපයක් තිස්සේ මාධ්‍යෙව්දීන් රැසක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැදී සිටි බවද ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව පාතාලේ උවමනාවන් ඉටු කරනවා වගේ. දේශබන්දු එක්ක වැඩියෙන්ම ඇරියස් තියෙන්නේ පාතාලෙටයි, කුඩු ජාවාරම්කාරයන්ටයි යුක්තිය මෙහෙයුමෙන් බැට කාපු. මේ ආන්ඩුවේ නායකයෝ ඒ මෙහෙයුම කරන කාලේ ඒකට විරුද්දව උසාවි ගියා, බලේට ආපු ගමන් ඒක නැවත්තුවා. දැන් රට පුරා කුඩු සහ පාතාලේ ක්‍රියාකාරකම් ඉහ වහා ගිහින්.
"යුක්තියට" යුක්තිය ඉටු කරනු!
පොලිසියේ පොලිස්පතිවරයා හොයාගන්න බැරි අය කොහොමද පාතාලයේ සංජිව වෙඩි තබා ඝාතනය කල සිද්ධියේ මහමොලකාරිය සොයාගන්නේ දැන් සති 3ක් පමණ වෙනවා .හිටපු පොලිස්පතිවරයා පළමු සතිය අවසන් උනේ මේරටේ අහිංසක මිනිස්සුන්ට ක්‍රියාත්මක වන නීතිය අන් අයට නැහැ .නිරුවතින් හෙල්මට් නැතුව නුවර පාරේ කිලෝමීටර් 100 කණුව දක්වා මෝටර් සයිකලයකින් ගියා. නුගේගොඩ ඉදලා ඒ අතරේ ට්‍රැෆික් රාජකාරි කරන නිලධාරින් මොනවාද කලේ. ඒ අයට එරෙහිව විනය පියවර ගන්න අවශ්‍යයි පොලිස්පතිවරයා විසින් ඒ පොලිසියේ දුර්වලකම නිසා තමයි එච්චර දුරක් ගියේ .මිනිහෙක් පාන් ගෙඩියක් ළමයින්ට කන්න දෙන්න හෝ බෙහෙත් ගෙන්න හදිසියේම හෙල්මට් නැතුව ගියත් ලියන රටේ ඔහොම උනේ කොහොමද .පොලිස්පතිවරයා වහාම විනය පියවර ගතයුතුයි
අපේ දිහා නෑ, අපේ දිහා නැ, ගෑණු ළමයි නැ, දීග යන්න නං //
රනිල් පත් කරපු තවත් එක නල්ල මලේ බඩුවක් මූ.
ඔය වගේ දෙයක් ගමක ඉන්න සිරිපාල හරි දනපාල හරි කළා නම්, කොහොමද පොලිසියහැසිරෙන්නේ ? පවුල් පිටින් ගෙනියනවා නේද? සිරිපාල හෝ දනපාල බාර වෙනකම්. නමුත් ලොකු මිනිසුන්ට එහෙම නැහැ . අපි හිතුවා අනුරලා ආපුහම ඕවා හරියයි කියලා, නමුත් එයාලත් තාම යන්නේ පරණ රෝඩ් එකේම. අපි රැවටුනා දෙයියෝ
රනිල් පත් කලේ නෑ.. මෙයා පක්ෂපාත රාජපක්ෂලාට ටිරාන් අලස් තමයි ගෙනාවේ රනිල් අකමැත්තෙන් පොලිස්පති කලා
ජාතික ආරක්ෂාව ගැන උදම් අනමින් රටේ ජාතික ආරක්ෂාව බින්දුවටම ඇද දමා ඇති තත්වයක් උදාවී ඇත. පොලීසියෙන් දැඩි ආරක්ෂාවක් සපයා සිටි මොහොතක මොහු අතුරුදහන් වීම හාස්‍ය උපදවයි.කලයුත්තේ වරප්‍රසාද ඉවත් කිරීමද නැතිනම් ආරක්ෂාව සැපයූ එම නිළධාරින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම නොවේද?
මේව නම් ඉතින් පැහැදිලිවම දේශපාලන පලි ගැනීම් තමයි ඉතින්. වෙන මොනම ආණ්ඩුවක් වත් හැබැයි මේ තරම් පහත් තත්ත්වෙට පත් වුනේ නෑ.
වෙඩි තිබ්බ එකට පොලිස්පති ගන්න කලින් වෙඩි තියපු අයයි, දැනුවත් කරන්නේ නැතුව වැටලීම් වලට ගියානම් ඒවයි, වටලන්න ගියා නම් තොරතුරු හොයන්නේ නැතුව එවුනුයි එපැයි අල්ලල ප්‍රශ්න කරන්න ඕන.
රටට වැඩකළ චරිත එකින් එක ඝාතනය කිරීම මේ නිවට ආණ්ඩුවේ ක්‍රමය වග හැඟෙනවා. මොවුන් කා වෙනුවෙන් වැඩ කරනවාදැයි නොදැනේ. මේ වැරදි සහගත ක්‍රියාවලිය නතරවිය යුතුය.
සමහරු අපි බබාල කියල හිතල මෙතන කතා කරනව, අනුර කියල නැහැ මෙයා ගන්න එපා කියල, අනුරට ඡන්දෙ දීපු අය දන්නව අනුර හරි බව, හැබැයි දේශබන්දුල පත්කරපු උන්ට කතිරෙ ගමපු අය රැවටුනාලු, අපරාධකරුවන් අල්ලගන්න බැරිවෙච්ච පළමු අවස්ථාවද මේ පොලීසියට? රටේ මිනිස්සුමනේ මේ අපරාධකරුවන් හංගගෙන ඉන්නෙ, සමාජයට යුතුකමක් නැද්ද මොවුන් හෙලිකරන එක?
ඇයි මේ විදියට පොලිසියෙන් පලිගන්නේ? අපි දැක්කා පොලිසියේ, 150ක් විතර එක එක තැන් වලට දැම්මා. බුද්ධි අංශවල ලොක්කෝ ඔක්කෝම එළියට දාලා එයාලව බෑන්ඩ් එකටයි, කිචන් එකටයි දාලා තියෙනවා කියලා ප්‍රවෘත්ති ගියා. ඊට පස්සේ පොලිස් කොමිසමේ ඔවුන්ට පලු යන්න බනිනවා කියලත් ආරන්චියි. දැන් ඔය වැඩ සිද්ධ වෙන්නේ පොලිසියයි, ආරක්ශක අංශයි උද්යෝගීමත් වෙන විදියටද? නැත්තන් එපා වෙන විදියටද? යහපාලන කාලේ ඕවා කරපු කෙනාම නේද ආපහු ඇවිත් ඉන්නේ...? මේ පාර මොනවයින් නතර වෙයිද මන්දා...
දැන් ඉතින් පාතාලයෙක් කෙලින්ම මේ මනුස්සයව මරල දාවි. යුක්තිය කාලේ කර ගන්න බැරි වෙච්ච එක දැන් හරි කරයි. දේශපාලන පක්ෂ පාට වලින් තොරව මේවට නම් විරුද්ධ වෙන්න ඕනැ. පාතාලය මර්ධනය කිරීම ඔච්චර වරදක්ද?.
බයි පුතුන්ට නව පණක්, ජවයක් ලැබිල වගේ. තමන්වම රවට්ට ගන්න එකේ සීමාව කොතනද?
හිටපු පොලිස්පති ගැන දැන්නම් ඇත්තටම දුකයි. එයාව පත්කරපු අය ගැන ඊටත් දුකයි.
තවම රනිල් හාමුලට කඩේ යන ජනමාධ්‍ය වටේ කොච්චර බයියෝ එල්ලිලා ඉන්නවද කියලා පේනවා... මේ අදහස් දැක්කාම. මේ ගොන් අදහස් නිසා නෙවෙයි. දේශබන්දු දන්නවා මිනිහා කළ බලු වැඩ. ඒකයි හැංගිලා ඉන්නේ. පාතාලය එක්ක සම්බන්ධ කම් තිබුණු අය පාතාලයට බයයි.
අනිවාර්ය නිවාඩු යවා තිබුණත් පොලිස්පති දේශබන්දු තමයි එහෙම තියෙද්දී ඔහුගේ බලතල අඩුකරන්න හෝ ඉවත්කරන්න කියලා පොලිස් මූලස්ථානයට බලයක් කොයින්ද? ලිපියක් යවන්නේ ගොඩනැගිල්ලක් නොවෙයිනේ කවුරු හෝ නිලධාරි කෙනෙක්... එනිසා ලිපියට අත්සන්කළ කෙනාගේ නම නොමැති නිසා වාර්තාව නිවැරැදි නැහැ. 1971 දී පිරිසක් පොලිසිය ගැන කිව්වා කියපු දේ හරියට මතක නැහැ...
ආණ්ඩුව දැන්වත් පලිගැනීම පැත්තක තියලා රට සංවර්ධනය කරන්න සැලැස්මක් හදන්න ඕනෑ. සැලැස්මක් නැතුව බොරු බේගල් ඇදබාලා නේ බලය ගත්තේ... දැනටමත් මාස 5ක් ගිහින්. රටට කරපු එක වැඩක් කියන්න විහිළු සැපයීමට අමතරව...
ඩෙස්ක් එකකුයි, බංකුවකුයි අරන් බදුල්ලේ ගිහිල්ලා ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් ගන්න.