
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)ෙ
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දීමට පැමිණි සාක්ෂිකාරියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීතිඥවරයාගේ විරෝධය හේතුවෙන් කමිටුව විසින් සාක්ෂි නොගෙන අද (18) හරවා යවනු ලැබුවාය.
සාක්ෂිකාරිය සාක්ෂි ගැනීමට පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී වීඩියෝ පටයක් පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගීවූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඉල්ලා සිටියහ.
වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පරීක්ෂණ කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
මේ අනුව මෙම විරෝධතාවය අනුමත කළ කමිටුව එම වීඩියෝ පටය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට පැමිණි සාක්ෂිකාරියගෙන් සාක්ෂි නොගෙන තාවකාලිකව නිදහස් කර යැවීමට නිර්දේශ කළේය.
තවත් සාක්ෂිකරුවෝ 9 දෙනෙක් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්හ.
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදාගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙ. ව. 9.30 සිට ප.ව 4.45 දක්වා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම මෙසේ සිදුවිය.
සාක්ෂිකරුවෝ 21 දෙනෙක් කමිටුව හමුවේ පෙනී සිට මේ දක්වා සාක්ෂි දුන්හ.කමිටුව හෙට (19) පෙ.ව. 9.30 ට නැවතත් රැස්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
545
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු කමිටුවට ආ සාක්ෂිකාරියක හරවා යවයි
prasanna Thursday, 19 June 2025 02:54 PM
අනාගතයේදී පොලිස්පති තනතුරට සිකුරුටි කම්පැණියකින් පුද්ගලයෙක් බඳවා ගන්න වෙනවා. බලතල නැති පොලිස්පති කෙනෙක් බිහිකර ගන්න.