
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවේ සහයට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු සිවු දෙනෙක් අනියුක්ත කරනු ලැබ සිටිති.
මෙම කමිටුවේ සහායට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි විමර්ශන කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) නැවත රැස්වීමට නියමිතය.
කමිටුව මීට පෙර පසුගිය 23 වැනිදාත් 25 වැනිදාත් රැස්විය. මෙම කමිටුව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව සිය අවසන් විමර්ශන වාර්තාව කතානායකවරයාට බාරදීමට නියමිතයය.
පොලිස්පතිවරයා ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු කමිටුවේ සහයට සී අයි ඩී යෙන් හතරක්