
(නිමල කොඩිතුවක්කු)
පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කොළඹදී පැවසූහ.
රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් ඇතුළු ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් තවදුරටත් මෙසේද කීවේය.
“දේශබන්දු තෙන්නකෝන් මහතාට තිබූ චෝදනා සම්බන්ධයෙන් චෝදනාපත්‍රයක් භාරදීලා ඒ පිළිබඳ කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් එම චෝදනා විමර්ශනය කළා. ඒ චෝදනාවලින් වැඩි ප්‍රමාණයකට ඔහු වැරදිකරු බවට වන වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා.
එහි ඉදිරි පියවර විදියට පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඔහු ඉවත් කිරීමේ යෝජනාව සම්මත කරගත්තා. ඒ අනුව එම ප්‍රතිපාදන නිවැරදිව අනුගමනය කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තට....අනුරද කියන්න කීවේ.....?
කතෝලික ජනතාවට පාස්කු ප්‍රහාරයන් හා සමහර ධීවර ආශ්‍රිත කටයුතුවලදි සිදුවන දේ ගැන තතෝලික සභාවේ මැදිහත් වීම ගැන අපිට හිතාගන්න පුළුවන්. නමුත් හැම එකටම කියවන්න යන එක නම් එච්චරම හරි නෑ.
පාස්කු ප්‍රහාර සංදියෙ පොලිසියේ ලොකු පුටු හොබවපු උන්දැලැ ඇන්පීපී ආංඩුවෙ ලොකු තනතුරු දැරුවට කමක් නැතෙයි පියතුමා?
එහෙම එකක් නම් පේන්න නෑ. ගැත්තතෙක් ඔබාගැනීමේ අභිලාෂය හැරෙන්න