
(උපුල් හේරත්)
දෙවැනි පෑතිස් රජතූමා විසින් ඉදිකල බුලංකූලම වැවේ වාන ප්‍රදේශීය දේශපාලකයන් තම හෙයියංචලාට විකූණා ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගූනවැවෙි ධමිමරතන හිමියෝ චෝදනා කරති.
ඓතිහාසික මිහින්තලා පුදබිමට නුදුරින් පිහිටි මිහින්තලේ නගර මධ්‍යයේ පිහිටි ඒ නවය මාර්ගය අසල බුලංකුලම වැවේ වාන ප්‍රදේශයේ මීට පෙර ඉදි කර ඇති උද්‍යානයක් තුළ තිබු ගස් කීපයක් කපා දමා ඇතැයිද ධම්මරතන හිමියෝ කියති.
පොදු වෙළඳපල අවට ඉඩම් කට්ටි කීපයක ඉදි කිරීම් කර ඇති අයුරු දඑහි ගිය අපට දැක ගැනීමට හැකි විය .
මේ පිළිබඳව අදහස් දක්වන මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ.
"එදා රජ දවසේ පටන් මිහින්තලේ නගරය පැවැතූනේ සැලසුම් සහිත නගරයක් හැටියටයි.එම නගරය මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ප්‍රභල දේශපාලකයන් සහ ඇතැම් සභිකයන් ගේ ඕනෑ එපාකම් මත ඔවුනගේ හිතවතුන්ට විකුණලා තියෙනවා. මහ රහතුන් වහන්සේලා වසම්මලේ කන්දේ වැඩ සිට එදා දහවල් දානයට වැඩම කළේ ද මෙම බුලන්කුලම වැව් බැම්ම මතින්. එවැනි ඓතිහාසික භූමියත් කුඩා කෑලිවලට කඩා විකුණලා අවසන්. ප්‍රාදේශීය සභාවේ ඉන්න නිලධාරීන්,ඇතැම් සභිකයන් හා එහි ප්‍රධානීන් සෘජුවම ඊට වගකිව යුතුයි. වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය සඳහා මෙය සැළ කර සිටින්නේ ඉතාමත්ම සංවේගයකින් මෙන්ම වගකීමෙන්
මිහින්තලේ මිහිඳු ගොවි සංවිධානයේ සභාපති කේ. කීර්තිසේන මහතා මෙසේ සඳහන් කළේය.
බුලන්කුලම වැවේ වාන මත ඉදිකර තිබෙන උද්‍යානය සම්බන්ධයෙන් ගොවි සංවිධානවලට කිසිදු දැනුම් දීමක් කළේ නෑ .ඒ වගේම අනවසර ඉදි කිරීම් සඳහා ඉඩම් කොටස් වෙන් කිරීම ගැන ද අපේ විරෝධය පළ කර සිටිනවා.
මිහින්තලේ වෙළෙඳ සංගමයේ සාමාජික ඩි.ජි.එස්.ඒ.යාපා මහතා සඳහන් කළේ ඒ නවය මාර්ගයේ හා සති පොළ ප්‍රදේශයේ මාර්ග දෙපස කුඩා ඉඩම් කැබලි විවිධ පුද්ගලයන් අතරේ මුදලට අලෙවි කර ඇති බව දැන ගැනීමට ලැබුණා.එහි කර ඇති ඉදිකිරීම් කිසිදු නීත්‍යානුකූල භාවයක් නෑ.නගරයට නොගැලපෙන ඉදි කිරීම් විශාල ප්‍රමාණයක් එහි තිබෙනවා.මෙම සිද්ධිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගකිවයුතු නිලධාරින් ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ඔහු පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙවැනි අදහසකි .
ඔය කියන තරමට අකටයුත්තක් සිද්ධ වෙලා නැහැ .එක ගහක් කපලා තියෙනවා,ඒකත් වටිනාකමක් නැති නිතූල් ගහක් යනුවෙන් ඔහු සඳහන් කළේය.
උතුරු මැද පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ඩබි.සෝමරත්න මහතා මෙසේ කීය.
එම ඉදි කිරීම් සඳහා කමිටු තීරණයක් අරගෙන නැහැ .තවත් එක් ස්ථානයක ගස් තුනක් කපා තිබෙනවා .නීතිමය පියවර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා දැනුවත් කළ ලිපි යොමු කර තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් කවද්ද හොඳ දෙයක් කළේ? හැමදාම කලේ රට විනාශ කරමින් ඒ අය හැදුණු එක...
ඔහොම තමයි රට කරවන්න ගියාම.රටේ සම්පත් විකුනන්න වෙනවා.
අප රටේ දේශපාලකයන් කියා හිගන්නන් සහ මංකොල්ලකාරයන් පත් කරලා මොවුන්ට හැමෝම භය වුනාම එහෙම වෙනවා. සංඝ රත්නය හරි තැන හිට ගත්තාම මේ අයට මෙහෙම කරන්න බෑ නේද?
මේ රටේ නීතියක් තියෙනවද?
නිදහස ලැබිලා අවුරුදු 100 ක්වත් ගත වෙලා නැහැ. නිදහසේ කොයි හැටි වෙතත් අපිට තිබුණ රටත් නැහැ දැන්.
ගලවා ඉවත් කල යුතුයි ඉක්මනට. ගෝල්ෆේස් එක ළඟ හිටපු කොල්ලෝ අයින් කළා. බණ්ඩාරනායක පිළිරුවට හානි වෙනවා කියලා. එතකොට මේවා ඓයිතිහාසික වටිනාකම අතින් ඉතාම ඉහළ ස්ථාන.. රනිල්ට මේවා වටින්නේ නැහැ ඒවගේම රාජපක්ෂලට මේවා ගැන අබමල් රේණුවක වටිනා කමක් නැහැ. මීළඟ ආණ්ඩුවකින් මේවා සේරම රජයට පවරාගෙන නීතිමය පියවර ගන්න ඕනෙ.
දැන් මේවා අල්ලන්න කවුරුවත් නැද්ද? අරගලකරුවෝ හොකරම් කළා කිය කියා ජනාධිපතිගෙ රෙද්ද පස්සෙ එලවන්න සැදී පැහැදී ඉන්න පොලිසියට මේ අල්ලන්න අදාල නැද්ද.
ජනාධිපති කලබලේට පැනලා යනකොට දමලා ගියා... රෙදි බිම එළාගෙන බුදියපු කෙනාව පොලිසියට අල්ලන්න පුළුවන්. නමුත් මේවා විනාශ කරන අය අල්ලන්න බැහැ.
ෂිහ් ... මේක මුස්ලිම් සෙට් එකක් කෙරුවා නම් ගන්දස්සාරට මොනාහරි බකට් එකක් ඇදගන්න පට්ට චාන්ස් එක... බලමු බලමු පොඩ්ඩක් ඉන්නකෝ ගන්දස්සාර තව කොහෙන්හරි පොටක් පාදගමු
මේ අය එලවන්ඩ තමයි අගෝස්තු 09 එන්න කියන්නේ.