IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දිලිදු දරුවන්ට නොමිලයේ සීසන් ටිකට්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය සහනාධාරයක් ලෙස ලබා දෙන්නත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය.

ශිෂ්‍ය සීසන් සඳහා අය කළේ 9% ක් පමණක් බවද දැන් එය 30%ක් දක්වා අය කරගන්න යන බවට කතාවක් තිබෙන අතර එහි සත්‍යතාවයක් තිබේ දැයි කින්ස් නෙල්සන් මහතා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා කීවේ සිසුසැරිය ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත බවත් වර්ෂයකට බිලියන දෙකක් ඊට සහනාධාර ලෙස ලබා දෙන නමුත් රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවයි. එවිට සිසු සැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන්ම පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද සීසන් ටිකට් පත් සඳහා විශාල සහනාධාරයක් දෙන විට යෙදවෙන බස් රථ ප්‍රමාණය අඩු වෙන බවද අමාත්‍යවරයා කීය.

ඒ නිසා මේ ගැන සොයා බලා තීන්දු ගැනීමට කැබිනට් අනුමැතියෙන් කමිටුවක් දමා තිබෙන බව කී අමාත්‍යවරයා සිසු සැරිය පවත්වාගෙන යාම සදහා ඩීසල් වියදම පියවා ගැනීමට වත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

 



අදහස් (5)

දිලිදු දරුවන්ට නොමිලයේ සීසන් ටිකට්

ඒකනායක Tuesday, 18 July 2023 12:39 PM

ඔව් ඉතින් ඒකත් අස්වැසුම වගේ අහිංසක දරුවන්ට නොදී ඉහළම ආදායම් තියෙන එවුන්ටම දෙයි.අස්වැසුම ව්‍යාපාර ලියාපදිංචි කර ඉහළම ආදායම් ලබන අයටත් ඉඩම් ආදායම් විශාල වශයෙන්ම තියෙන අයටත් දුන්නා මිස අසරණයින්ට දුන්නෙ නැහැ නේ

:       0       4

ලසන්ත Tuesday, 18 July 2023 02:51 PM

කලබල වෙන්න එපා අස්වැසුම දීලා තියෙන්නෙ දිළින්දන්ට තමයි සීසන් එකත් ඔවුන්ටම දේවි

:       0       0

NIMAL Tuesday, 18 July 2023 01:51 PM

බන්දුල ගුණවර්ධන ඇමති තුමා රටේ මිනිස්සුන්නට නොමිලයේ දීම නවත්වන්න කටයුතු කරන්න. මේ මිනිස්සු රට විනාශ කරනවා හැම දේම නොමිලයේ දීලා, මේ දේශපාලකයන්ට අමාරුවක් තේරෙන්නේ නෑ, සියලු සැප පහසුකම් ( නිවාස වාහන, රියදුරන්, විදුලිය ජලබිල්, දුරකථන බිල් ) රටේ මහජනත්ව ගෙවන නිසා. රටේ මිනිස්සු මේවනවිටත් දේශපාලකයන් 225 ප්‍රතික්ෂේප කර හමාරයි. ඔවුන් බලාසිටින්නේ ජාතික මැතිවරණයක් එනතුරු, ලෝකයේ දියුණු රටවල පවා කිසිවක් නොමිලයේ ලබාදෙන්නේ නැත. ලංකාව යාචක මානසිකත්වයෙන් ඉවත් කිරීමට සුදුසු කාලය පැමිණ ඇත

:       0       0

Prase Tuesday, 18 July 2023 02:03 PM

ඔන්න පීචන් වැඩ කරන්න පටන් ගත්තා .වී 150 ට අරගෙන රයිස් 92 ට වික්ක මේ ආර්ථික ප්‍රොෆෙසර් .හිඟන්නෝ බෝකරන්න ආයේ පිනට දෙන්න පටන් ගත්තා

:       0       0

ගමේ එකාලා Tuesday, 18 July 2023 06:35 PM

ආර්තික ඔස්තාර් කටින් බතල හිටවන්ඩ දස්සයා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site