
(අංජුල මහික වීරරත්න)
මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ළඟ ජාතික ජනබලවේගයේ ගුරු සංගමයට සම්බන්ධ විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිඳ වන මාලිමා මන්ත්‍රී වරිය නිසා පාසල් දරුවන් අතර කුඩු බෙදා හැරියේ ඔවුන් දැයි සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
පසුගිය කාලයේදී මෙරටින් මත්ද්‍රව්‍ය හමුවන සෑම වස්ථාවකම රාජපක්ෂලාට චෝදනා කළ ආණ්ඩුව මෙවර මත්ද්‍රව්‍ය සඳහා චෝදනා කරන්නේ කාටදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
මෙවර අත්අඩංගුවට ගත් සැකකරුද රඳවා ගැනීමේ නියෝග ලබාගෙන පසුපස සිටින දේශපාලඥයන් සොයාගත යුතු බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටින 159 දෙනාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් කුඩු විකිණුවීම නවතා අයවැය යෝජනා ක්‍රියාත්මක නොකළහොත් නැවතත් සියයට තුනට වැටීම නතර කළ නොහැකි බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අප්පච්චි කෙනෙකුත් බෙදුවේ රටටම.
තාත්තී හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බදාගත්තු එක්කෙනා මොන ඉස්කෝලේ විදුහල්පතිද?
ලංකාවේ ජනතාවට අතීතය අමතක බව සිතා සිටීමද එක්තරා දුර්වලතාවයකි...
ඔක්කෝටම ඉස්සෙල්ලා කුඩු මහා පරිමාණයෙන් ගෙනාපු එකා කව්ද කියලා හිටහල්ලාකෝ. බොරු කිව්වොත් තුන කෙසේවෙතත්, තියෙන දෙකයි පනහත් නැතිව, රෙද්දේ රෙවිලා තමයි යන්න වෙන්නේ...
ගෙන්නුවේ අපි බෙදුවේ එයාලා...
යකෝ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. ඔබලාගේ හෙළුව දැන් ඔක්කෝම දන්නවා. ඒක නිසා බයවෙන්න එපා... කවදාවත් එන්න නම් බෑ බලයට. ජාතික ලැයිස්තු සරණං ගච්චාමි තමයි. රාජපක්ෂගේ පුතා වීම ජනාධිපති වෙන්න සුදුසුකම නොවෙයි වැඩිය හොඳ කොල්ලෝ හොඳ උගත් මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඔබලා වගේ ජෝකර්ලාටයි මේ රට දෙන්න මෙච්චරම මොංගල් මිනිස්සු දැන්නම්...
අනේ කවුරු හරි මේ හාදයාව මානසික රෝහලට ගිහිල්ලා දාන්න. මිනිහාට ඩිමෙන්ෂියාව වගේ...!
ඔව් ඒක කොහොමත් කරනවා. ඒකනේ හැමතැනම දැන් අහුවෙන්නේ ... දැන් දේශපාලන බලපෑම් නැතිනිසා සේරම අහුවෙනවා... ඒක මාලිමාවද, සජබද, පොහොට්ටුවද අදාළ නැත.
රෙද්ද තමයි...
නාමල් කියන්නේ කුඩු ගැන දන්නේවත් නැති චූටි බේබි කෙනෙක්. තාජුඩීන් බේරාගන්න මාර උත්සාහයක් ගත්තා. මනම්පේරි අදුරන්නේවත් නෑ...
එතකොට ඩැඩාගේ ගජයා ලන්සියා කුඩු බෙදුවේ කාට වෙන්න පුළුවන්ද?
මාලිමා මන්ත්‍රීලා බෙදුවා, ඔහෙලා ගෙන්නුවා. ගෙනැල්ලා අනික් බෙදෙන අයටත් බෙදන්න දුන්නා.
ඔව් නාමල්ට දැන් එහෙම කියන්න පුළුවන්. ආණ්ඩුවේ මැති ඇමතිලා ඇතුළු පැලවත්තේ ඩෝබිලා අයිස් ගැන නාමල්ලට එල්ල කරපු චෝදනා වලට කිසිම වටපිටාවක් සකස් වෙලා තිබුනේ නෑ ඒත් මේ නාමල් කරන චෝදනාවට හොඳ වටපිටාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා.
නෑමලයා බබා... ඔවුන් තමා අපේ රටේ දූෂිත, මජර කුඩු සංස්කෘතිය ඇති කළේ. තාමත් ඒක control කරන්නේ ඔවුන්. ඔවුන්ගේ පරම්පරාව කුඩුවලින්, හොරකම් වලින් හම්බකරපු කළු සල්ලි BITCOIN වගේ digital currency වල හංගලා තියෙන $ billion සල්ලි ඒවා හොයාගන්න අමාරුයි තමා, ඒ වුණාට තොපිට අපේ රටට කරපු අපරාධ වලට යන්න වෙන්නේ නිරයට එක පාරක් නොවේ මිලියන පාරක්...
එතකොට අපි සුදනෝනේ...
අනේ ඇත්තමයි... කොන්ද කෙලින් කරගන්න හදන තරමක්...
එක සිද්ධියක් අල්ලගෙන පාරම් බෑවාට තමුන්නැහැලා රටට කරපු විනාශය වහගන්න බැහැ පුතෝ, මේ මන්ත්‍රීවරිය මේක දැනුවත්ව වුණාද, නොදැනුවත්ව වුණාද අපි දන්නේ නැහැ... ඒ වුණාට තමුන්ගෙ පියා කුඩු කාරයෙක් බදාගෙන බේරගත්තු බව රටේ ජනතාවට අමතක නැහැ..
මීගමුවේ කුඩු මුදලාලිව පොලිසියෙන් අල්ලපු වෙලාවේ ඔයාගේ තාත්තා ගිහින් බදාගෙන නිදහස් කෙරුව හැටිත් අපට මතකයි...
තමුන්ලා බලයේ හිටපු කාලේ කුඩු අගමැති කුඩු, කුඩු ජොනී, කුඩු මර්වින්ලා කරපුවා රටම දන්නවා. දේශපාලුවන්ගේ පිහිටෙන් කුඩු ජාවාරම නැගලා ගියා. පොලීසියට බලපෑම් කරලා කුඩුකාරයෝ බේරලා හැරියා. ඒ කාලේ කුඩු ජාවාරම් කාරයින්ගේ පිහිටෙන් ඡන්ද කෙරුවාවල් කරපු හැටිත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ආසියාවේ ආස්චර්ය පෙන්වනවා කියලා... ජනතාව රවට්ටලා, රීරී මාන්ස හූරාගෙන කාලා රටම විනාස කෙරුවේ දූෂිත පව්ල් පාලනේ අය මිසක් වෙන කවුද?
මුලු රටේම කුඩු ව්‍යාපාරේ කරගෙන ගියේ හිටපු දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් බව දන්නෝ හොන්දාකාරවම දන්නවා. සියයට තුන කෙසේවෙතත් ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගුවා. ඒ මදිවට, කටේ නරිවාදම ඉහටත් උඩින්. පව්ල් පාලනේ හොදටම කරපු නිසා වෙන්ඩැති ජනතාව එළවලාම දැම්මේ...
මෙයාගේ කටින්ද මේක කියලා තියෙන්නේ?
නාමල්ගේ පවුල කුඩු ගෙනාවලු, එයාලාගේ ආණ්ඩුවේ අය ගෙනාවාලු, මීගමුවේ එක්කෙනා ගෙනාවාලු. ඒත් අහු උන සිද්දියක් තවම නෑ. අහු වෙන්නේ මාලිමාවේ අයමයි. කුඩු කන්ටේනර් 300 ගාණක් පැන්නුවෙත් මාලිමාවේ අයමයි. අන්න එතැනයි ලොකුම විහිළුව...