
(කාංචන කුමාර ආරියදාස)
අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිසිරවත්ත හන්දියේ ප්රදේශයේදී ගිනිගෙන විනාශ වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
කණ්ඩලම ප්රදේශයේ පදිංචි යුවළ තම යතුරුපැදියෙන් පොල්තෙල් සිඳ ගැනීම සඳහා කොප්පරා බෑගයක් රැගෙන තෙල් මෝලකට ගමන් කරමින් සිටිය දී එකවරම යතුරුපැදියෙන් ගින්නක් හට ගෙන තිබේ
වහා ක්රියාත්මක වූ මෙම දෙදෙනා යතුරුපැදියෙන් බහිනවාත් සමඟ ගින්න එක වැරම වර්ධනය වී ඇතැයි පොලිසිය කියයි
පසුව මහ මග ඇවිලෙමින් තිබූ යතුරු පැදියේ ගින්න පාලනය කර ගැනීම සඳහා ප්රදේශවාසීහු දැඩි උත්සාහයක නිරතව ගින්න නිවා දමා ඇතැයි පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd