(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනකු සම්බන්ධයෙන් රාජ්ය මුදල් අවභාවිතය, අයථා මුදල් ඉපයීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා පිලිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සමාජ ක්රියාකාරිකයකු වන දිනේෂ් ද අල්විස් මහතා අද (29) පැමිණිල්ලක් කළේය.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ කරන නියෝජ්ය සාමාන්යධිකාරීවරයෙක්, අධිකාරීවරයෙක් සහ සහකාර අධිකාරි සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කර ඇති අතර මෙම නිලධාරීන්ට විරුද්දව ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාති වීමර්ශණයක් කර යම් දුෂණයක් හෝ වංචාවක් සිදු වී ඇත්නම් එය නීතිය ඉදිරියට ගෙන එන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.
මෙම නිලධාරීන් තිදෙනා විවිධ විෂමාචාර ඔස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ ගණනින් පාඩු කර ඇති බව පැමිණිලිකරු කරුණු ඇතිව ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd