
(ඩී.ජී.සුගතපාල)
නුවර සිට මාතර බලා ධාවනයවන අංක 40 දරණ දුම්රියේ එන්ජිම ගාල්ල දුම්රිය ස්ථානයේදි අද (06) දහවල් පිලි පැනිම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
දුම්රිය ගාල්ලට පැමිණිමෙන් පසු එන්ජිම හරවා ගැනිම සඳහා දුම්රිය අංගනය වෙත ගොස් නැවත වේදිකාවට එමින් සිටියදි මෙසේ පිලි පැන ඇත.
පසුව විනාඩි හතළිස් පහකට පමණ පසු වෙනත් එන්ජිමක් යොදවා දුම්රිය මාතර බලා ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් කටයුතු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලීත් ගෙවිලා අලුත් වැඩියා කරනන සල්ලි නැ
ආණ්ඩුව වගේමයි. ඒකෙත් එන්ජිම පීලි පැනල. ඉස්සරහට හෝ පස්සට යාම බෑ.