IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දකුණින් උතුරටත් තරුණ හුවමාරු වැඩසටහනක්

(අංජුල මහික වීරරත්න)

ජාතික සමගිය ගොඩනැගීම සඳහා දකුණේ සිට උතුරට නෑගම් යන තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ.

මෙම තරුණ හුවමාරු වැඩසටහන "Youth Link Sri Lanka" ලෙස නම් කර ඇත.

මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා කීවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව  අතර ජාතික සමගිය ගොඩනැගීම මෙම තරුණ හුවමාරු වැඩසටහනේ මූලික අරමුණ බවයි.

 "මේක අවු 30 යුද්ධයක් තිබුනු රටක්. ඉන් සමහරු දේශපාලන  වාසි ලබා ගත්තා. ජාතික සමගිය හදන්න උත්සාහයක් කළේ නෑ

. දකුණේ තරුණ තරුණියන්ට උතුරේ සහෝදර සහෝදරියන්ගේ ජීවන රටාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩකඩ සැලසීම මේ වැඩසටහනෙන් සිදු කෙරෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා:-

Youth Link  වැඩසටහනට තරුණයින් 850 ක් සම්බන්ධ වෙනවා. ඊට එක් දිස්ත්‍රික්කයකින් තරුණයින් 10 බැගින් තෝරාගෙන් 25 බැගින් කණ්ඩායම් හදානිලධාරීන් සමඟ ඔවුන් උතුරට යනවා.

මෙම වැඩසටහනට අවුරුදු  18 -29 වයසේ තරුණ තරුණියන් සම්බන්ධ වෙනවා.

වැඩ සටහනේ ආරම්භක දිනය අද ( 7)යි. යාපනය  දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී උදේ 11ට යන මෙම තරුණ තරුණියන් දූපත් හතරකට  ගිහින් විවිධ සාමූහික ක්‍රියාකාරකම් කරනවා යනුවෙන්ද සුපුන් විජේරත්න මහතා කීය.



අදහස් (0)

දකුණින් උතුරටත් තරුණ හුවමාරු වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 251 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site