IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තැන් 12කට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන

(අංජුල මහික වීරරත්න)

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණ සහිතව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යටත්ව, ප්‍රමුඛ පදනම මත පහත සඳහන් බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

*මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ලෝක බැංකු මූල්‍ය කරණය යටතේ දැනට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත).

*අනුරාධපුර (දක්ෂිණ) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්න ව ඇත).

*අනුරාධපුර (උතුර) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ශක්‍යතා අධ්‍යයන සිදු කර මූලික කටයුතු අවසන් කර ඇත).

*කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (කොළඹ සහ කදාසන්න ප්‍රදේශ වල නාගරික ප්‍රවාහනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත).

*මොරටුව බහු වීධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත).

* රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ජපාන ජාක්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් හඳුනා ගෙන ඇත).

* අවිස්සාවේල්ල, ගාල්ල, කටුනායක, කුරුණෑගල බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව හඳුනාගෙන ඇත).

*ගම්පහ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව සහ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ දුම්රිය විද්‍යුත්කරණය යටතේ හඳුනාගෙන ඇත).

* කටුනායක බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ගුවන් කොටු පොළ සංවර්ධන සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇත).

* කළුතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ යෝජනාවක් පරිදි හඳුනාගෙන ඇත).

* කන්කසන්තුරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇත).

 



අදහස් (1)

තැන් 12කට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන

de silva Tuesday, 11 November 2025 03:25 PM

මේක හොඳ අදහසක් , මෙම මධ්‍යස්ථානවල සිට පැය 24 ආවරණ වන පරිදි බස් සේවයක් හදුන්වා දෙන්න පුලුවන්නම් දිවාකාලයේ තිබෙන වහන් තදබදය අඩුවෙලා ප්‍රවාහනය කාර්යක්ෂම වෙනවා. මේවා හැදුවට වැඩක් නැහැ සවස 6 පස්සේ බස් නැති නම් , කරුණාකර වහාම රාත්‍රි 10 පමණ වනතෙක් අධිවේගී මාර්ගයේ අම්බලන්ගොඩ , තංගල්ල බස් නැවතුම් වල සිට කොළඹට සහ කොළඹ සිට පිටතට කාලසටහනක් හදා බස් ධාවනය කරන්න කටයුතු කරන්න , රාත්‍රියට බස් නැතිව මේවා හදල තේරුමක් නැහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 560 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site