IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ත්‍රි’මලේ රෝහලට හොඳ කලක් යයි

 

(අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රුපියල් මිලියන 1074 ක මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව ලබන වසරේ අංග සම්පූර්ණ හදසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් රෝහලට ලබාදෙන බව ද අමාත්‍යවරයා කීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නවීන හෘද රෝග ඒකකයේ  ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කර වසර දෙකක් ඇතුලත එහි ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන  බව ද අමාත්‍යවරයා පැවැසීය. 

ජපන් රජයේ සහන ණය ක්‍රමවේදයක් යටතේ අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන මහ රෝහල් වලට අති නවීන පහසුකම් සහිත හෘද රෝග ඒකක ලබාදීමේ ව්‍යාපෘති නැවත ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ  පාලන අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවත්,අප ජල හා අපද්‍රව්‍ය කළමනාකරණ ඒකක සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.



අදහස් (0)

ත්‍රි’මලේ රෝහලට හොඳ කලක් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site