
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළේය.
ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සමරසිංහ යන මහත්වරු ඉදිරිපත් කළ බි වාර්තාව සැලකිල්ලට මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ත්‍රිකුණාමලය ඩච් බේ වෙරල තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරී හිමි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය මෙම බී වාර්තාව ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉදිකිරීම් හා සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරාය පොලිසියට නියම කෙරිණි .
මේ අතර අදාළ අධිකරණ නියෝගයේ පිටපත් රෝහල්ගත වී සිටින විහාරාධිකාරී හිමිට හා දායක සභාවේ ලේකම්වරයාට භාරදීමට පියවර ගෙන තිබුණි .
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයා කැඳවා ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමල පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් කණ්ඩායමක් ආරක්ෂිත වැටක් කපා දැමීම සහ ඒ අවට විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු සිදුකෙරිණි.
2025 නොවැම්බර් මස 17
80
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
915
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2537
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ත්‍රි‘මලේ සම්බුධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් අධිකරණ අණින් නවතියි
සුමනසේකර Wednesday, 19 November 2025 01:28 PM
පූජාභූමි ඔප්පුවක් තියෙන ඉඩමක පංසලක ගොඩනැගිල්ලක් හදන්නත් බෞද්ධ විරෝධී ආණ්ඩුව පොලිසිය යොදවලා බාධා කරනවා.