
(රංජිත් රාජපක්ෂ )
මස්කෙළිය සිට නෝර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධික බෑවුමක් සහිත ස්ථානයකදී අඩි 25ක පමණ ප්රපාතයකට පෙරලීමෙන් එම ත්රී රෝද රථයේ ගමන් ගත් ත්රිරෝද රථ රියදුරු සහ එක් මගියෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (11) මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් මස්කෙළිය ප්රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිවත්ත ප්රදේශයේදීය.
අධික වේගයෙන් ධාවනය වී ඇති ත්රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ත්රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසයි.
COMMENTS