IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තවත් බිහිසුණු වයිරසයක් චීනයෙන් හමුවෙලා

නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

‘ලංග්‍යා’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වයිරසයකි. මෙම වයිරසයට කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව පැවැසෙයි.

‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්තියක් පිළිබඳ චීනයෙන් මෙසේ වාර්තා වන්නේ ‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වී වසර 3 ක් ගත වෙද්දීය. ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ‘ලංග්‍යා’ වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි.

තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද ‘ලංග්‍යා’ වයිරසය සමත් වෙයි.

(රොයිටර්)



අදහස් (5)

තවත් බිහිසුණු වයිරසයක් චීනයෙන් හමුවෙලා

මරිසිපාල Wednesday, 10 August 2022 01:54 PM

අධිරාජ්‍යවාදී හැඟීමක් කියන්නෙ සුවකරන්න බැරි වයිරසයක් තමයි... උගුලෙන් බැරිනම් හබකෙන් කියනවනේ... ඉතින් මේකත් එහෙම එකක් වෙන්න පුළුවන්...!

:       4       9

ගුණේරිස් Wednesday, 10 August 2022 02:34 PM

චීනය නම් සාපයක් මුළු ලෝකෙටම...!

:       5       21

swene Wednesday, 10 August 2022 02:35 PM

බොහෝ දේවල් නිෂ්පාදනයේ හිනි පෙත්තටම නැග ඇති චීනය වෛරස් නිපැයුමටත් දක්‍ෂයි වගේ...!

:       7       17

sharm warn Wednesday, 10 August 2022 05:23 PM

අප්පා, ඉක්මනින්ම ලංකාවටත් එයි. මොකද ලංකාව කියන්නේ චීනයේ ගිනිකෝණදිග ආසියානු ප්‍රාන්තය නේ.

:       1       6

Manju perera Wednesday, 10 August 2022 09:14 PM

Any of these viruses can be destroyed. In advanced chemistry this can be explained. I have sent the virus easily destroying method to relevant officers about 8 months ago . The reply was that they received the letter and after that no response. It is sad to say in SriLanka these are neglecting because of some people. Very sad to say.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site