(ඩයනා උදයංගනී)
ඉදිරි මාස තුන හතරක කාලයේදී භාණ්ඩ මිල අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
කොරෝනා වසංගත තත්වයත් සමඟ නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලෝක වෙළඳපල තුළ භාණ්ඩ මිල ඉහළයාම නිසා ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි කී අමාත්‍යවරයා ඉන් ජනතාව අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් රජය කණගාටුවට පත්වන බව ද සඳහන් කළේය.
තමන්ගේ බලය යටතේ භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව අපහසුතාවය පත්වනු දැකීමට කිසිම රජයක් කැමති නැතැයි කී අමාත්‍යවරයා බටහිර දියුණු රටවල පවා භාණ්ඩ හිඟයක් සහ මිල වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි කීවේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙම තත්වය කළමනාකරණය කිරීමට රජය උපරිමයෙන් කැපවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විවෘත වෙළඳපල ආර්ථීකයක් ඇති රටක භාණ්ඩ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත බව කී රමේෂ් පතිරණ මහතා කොවිඩ් වසංගත තත්වය තුළ නිෂ්පාදනය අඩුවීම, ඩොලර් හිඟය හා ලෝක වෙළඳපල මිල ඉහළයාමත් නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් ඇතැයි ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි මහත්තයෝ .එතකන අපි නොකා ඉන්නම්.
‘තව මාස තුන හතරකින් භාණ්ඩ අඩුවේවි‘
එතකොට වැඩිගණනක් එලොව ගිහින්.
තව මාස තුනක් ඔයාලගේ ආණ්ඩුව තියේවි කියලා හිතෙනවද.?
අපිට කිව්ව නම් අඩු වෙන විදිය. ඔයාගේ මොලේ හරියටම ඔහේගෙ සැර්ට ගැලපෙනවා, නැත්නම් ඔය වගේ ගොන් කතා කියන්නෙ නෑ.
ගරු ඇමතිතුමනි, ඔබට දෛවඥයෙකු විය හැක. ?
මොන විකාරද.? තවත් වැඩිවෙයි.
එතකම් නොකා නොබී ඉන්නද කියන්නේ? පැන්ඩෝරා පත්‍රිකා වලින්නම් කියැවුන අයටනම් නම් සල්ලි වලට මොනව කරනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. හැමෝම එහෙම අය කියලා හිතාගෙනද ඔය කතාව කිව්වේ?
ආ ඒකට කමක් නැ අමතිතුමා. මාස 3, 4 ක් කන්නෙ බොන්නෙ නැතුව අපිට ඉන්ඩ පුළුවන්. ඔබතුමාල හොඳින් කාල බීල හිටියනම් අපිට සතුටුයි
ලංකාවේ භාණ්ඩ හිඟයක් නැත. හොර කඩකාරයින්, භාණ්ඩ නිෂ්පාදකයින් සහ ගෙන්වන්නන් ඒවා සඟවා තිබීමයි කර ඇත්තේ
ඒ කියන්නේ මැතිවරණය මාස තුන හතරකින් නේද?
හරි ඔයා මාස හතරකින් අඩුකරන බඩු කන්න අපි දැන් මැරිලා තව මාස 4න් ඉපදෙන්නම්.
නව සොයාගැනීමක්!
දොස්තර මහත්තයෝ එතකොට වියයුතු දේවල් වෙලා ඉවර වෙලා. ඩොලර් හිඟයට හේතුව නිෂ්ඵල ඉදිකිරීම් සඳහා යටකල ණය මුදල් සඳහා ගෙවන වාරික කියල සාමාන්‍ය පෙල දක්වා උගත් අයකුට වුවද වැටහෙන දෙයක්. අනික පාලක පක්ෂය ගෙවන නාස්තිකාර ජීවිත. මේවා වැලැක්වීමට නොහැකි තාක් රට දියුණුව නොලබයි.
ජන්දෙ ලන්වෙනකොට අඩුවෙනව.