IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තලාව සභාවට අතුරු තහනමක්

(උපාලි ආනන්ද)

තලාව ප‍්‍රාද්ශීය සභාව යටතේ පාලනය වන වෙළෙද සල්වල දශක තුනකට අධික කාලයක් නීත්‍යනුකූලව රැදී සිටින වෙළෙදුන් 26 දෙනකු එම වෙළෙදසල්වලින් නෙරපා හැරීමට තලාව ප‍්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු අනුෂ්ක සෙනෙවිරත්න මහතා පෙත්සම්කාර වෙළෙදුන් නෙරපා හැරීමට තලාව ප‍්‍රදේශීය සභාව ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම්කාර වගඋත්තරකරුවන්ට ජනවාරි 28 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා පෙත්සමට අදාළව විරෝධතා එදිනට ගොනු කරන ලෙසටද නියෝග කළේය.

මෙසේ නියෝග කළේ එච්. විමලසේන ටී. එච්. චන්ද්‍රසේන සහ ජී. ටී. බී. හේරත් යන මහත්වරුන් ඇතුළු වෙළෙදසල් හිමියන් 26 දෙනකු ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා මගින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කළ රීට් පෙත්සමක් සලකා බලමිනි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා පැවැසුවේ පෙත්සම්කරුවන් වසර 30 ත් 40 ත් අතර කාලයක් වරින් වර ගිවිසුම් යාවත් කාලීන කරමින් විධිමත්ව බදු ගෙවමින් ප‍්‍රශ්න ගත වෙළෙදසල්වල නිත්‍යනුකූලව රැදී සිටිමින් සිය ව්‍යාපාර පවත්වා ගෙන යන බවයි.

එසේ තිබියදී පෙත්සම්කරුවන් දීර්ඝ කාලයක් නිත්‍යනුකූලව රැදී සිටින වෙළෙද සල් වලින් කිසිදු සාධාරණ සහ යුක්ති සහගත හේතුවක් නොමැතිව ඔවුන් ඉවත් කර වෙනත් පිරිසකට වෙළෙද සල් ලබා දීමේ අරමුණින් ටෙන්ඩර් කැඳවීමට සභා තීරණයක් ගෙන ඇති බව ද නීතිඥවරයා පවසා සිටියේය.

එම සභා තීරණය නීතියට පටහැනි බව ද අවධාරණය කළ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා හුදෙක් මෙම තීරණය දේශපාලන වුවමනා මත කළ එකක් බවටද චෝදනා කළේය.

 



අදහස් (0)

තලාව සභාවට අතුරු තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site