IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තෙල්, විදුලිය, වරාය සේවකයෝ තැන් තැන්වල විරෝධයේ

(රංජන් කස්තුරි)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයිනගේ පිරිසක් අද (3) කොළඹදී දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

ලංකා විදුල්බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට එම විරෝධතා පැවැත්විණ.

රට පුරා විවිධ ස්ථානවල සේවයකරන විදුලි සේවකයෝ සේවයෙන් ඉවත්වී අද පෙරවරුවේ කොළඹ කොටුව ලංවීම මූලස්ථානය ඉදිරිපිටට රැස්වූහ.

ලංකා විදුලි සේවක සංගමය, ලංවීම වෘත්තීය සමිති සහ ලවීම ඉනජිනේරු සංගමය යන සමිති නියෝජනය කරමින් විදුලි සේවකයින් විශාල පිරිසක් එම විරෝධතාවලට එක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (13)

තෙල්, විදුලිය, වරාය සේවකයෝ තැන් තැන්වල විරෝධයේ

කිරි පුතා Wednesday, 03 November 2021 04:22 PM

මත්තල වරාය අමුවෙන්ම දීලා දානකොටත් මෙයාලා මෙහෙම කළාද? 40%ක කොටස් අරන් හරි කමක් නෑ ඒ බලාගාරයෙන් රටට අවශ්‍ය විදුලිය හරියට සැපයෙනවා නම්. එ්කකයක මිලත් අඩුවෙන්... මොකද විදුලිබල මණ්ඩලය ඒක කරන්නද?

:       49       16

fairoosWednesday, 03 November 2021 06:32 PM

කිරිපුතා වගේ වහල්ලු ඉන්නකම් රටට අබසරණයි...

:       11       28

SLThursday, 04 November 2021 09:05 AM

රටට ආයතනයට ආදරයක් තියෙනවා නම් , හොර අතිකාල ගන්නේ නැහැ, ආයතන පාඩු ලබලත් බෝනස් ඉල්ලන්නේ නැහැ, ආණ්ඩුවේ පර්මිට් එකට ගත්තු වාහන නැවත ආයතනයටම දාල එතනිනුත් මාසෙට ගානක් ගන්නේ නැහැ, වැඩක් කරගන්න එන මිනිස්සුන්ගෙන පගා ඉල්ලන්නේ නැහැ , පගා දුන්නේ නැතිනම් ෆයිල් හංගන්නේ නැහැ රාජ්‍ය ආයතන වල ඉන්න අය ඔවුන්ගේ පැවැත්ම ස්ථිර කරගන්න උද්ගෝෂණය කරනවා මිසක් ,පක්ෂ වලට තමන්ගේ පැවැත්ම පෙන්වන උද්ගෝෂණ මිසක් මෙතන රට ගැන කිසි තැකීමක් නැහැ. රටට ආයතනයට ආදරේ නම් ආයතන පාඩු වෙලා රජයේ බදු මුදල් වලින් යැපෙන තත්වෙට පත්කරගන්නේ නැහැ . ලංකාවට ඕනේ රාජ්‍ය - පුද්ගලික එකතු ආයතන , නැතිනම් හැමදාම මේ ආයතන රටට බරක්.

:       0       7

uddikaThursday, 04 November 2021 11:03 AM

ලෙකෝ එකත් ඔච්චරයි .නමක් වෙනස් කරන්න මාස දෙකක් ගත්තා .වැඩක් කරන්න ගියාම එපා වෙනවා .ආයතනය රැකගන්න ඕනේ .හැබැයි වැඩක් තියෙයිද කාර්යක්ෂමතාවය නැත්නම්

:       0       0

හාමල්ලිWednesday, 03 November 2021 07:39 PM

කිරිපුතා විතරයැ. ඇයි තෙල්වත්තේ ගුරුච්චි...

:       5       10

siripalaThursday, 04 November 2021 06:39 AM

1977 ව්වෘත ආර්ථිකය ආරම්භකළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වේ. ලංකාවට පසු ව්වෘත ආර්ථිකය සහ ගෝලීයකරණය වූ සියලු රටවල් මේවන විට සීග්‍ර දියුණුවක් ලබමින් ලෝකයේ බලවත් ආර්ථික මෙහෙයුම් මද්‍යස්ථාන බවට පත්ව තිබියදී ආසියාවේ පළමුවෙන්ම ව්වෘත ආර්ථිකය හදුන්වා දුන් ශ්‍රී ලංකාව මේ වන විට 77 යුගය දෙසට ගමනින් කරමින් සිටි. ශ්‍රී ලංකාව මෙවැනි තත්වයකට පත්වීම දේශපාලනයේ වරදක් පමණක් නොව වෘතිය සමිතින්ද මේ සදහා වගකිව යුතු වේ. දේශපාලන පක්ෂ වෙනුවෙන් පිහිටුවාගෙන සිටින්න වූ ලංකා විදුලි සේවක සංගමය, ලංවීම වෘත්තීය සමිති සහ ලවීම ඉනජිනේරු සංගමය, වරායන් තුල තිබෙන්නවූ වෘතිය සමිති, ඇතුළු සියලු වෘතිය සමිතින් ආසියාවේ දියුණු රටවල සහ ලෝකයේ දියුණු රටවල වෘතිය සමිතින් පිලිබදව හැදෑරීමක් කල යුතුවේ.

:       0       2

Hafeel Thursday, 04 November 2021 06:57 AM

කිරි පුතා, බලාගන ඉන්න අඩු මිලට විදුලිය දෙනකල්. ජාත්‍යන්තර වැළඳ පොලේ තෙල් මිල අඩුවෙද්දී, වත්මන් ආණ්ඩුව මෙහෙ අඩුකලේ නැහැ. ඒ වෙනුවට පරිප්පු සහ මාළු ටින්වලින් ඒ තෙල් සහනය දෙනවයි කියපු මේ ආණ්ඩුව, අඩු මිලට විදුලිය දේවිද?

:       0       6

අගුපිලගේThursday, 04 November 2021 07:41 AM

මේ වනවිට ලංකාව හිගමනට වැටිල තියෙන්නෙ ලැබෙන ආදායමක් නැතිව විශාල වශයෙන් නිෂ්ප්‍රයෝජන කටයුතු සදහා ණය ගැනීමයි. එසේ නොකර කොළඹ වරායේම නැගෙනහිර හා බටහිර පර්යන්ත සැකසුවානම් මේ වනවිටත් ගත්තු ණය ගෙවන්න තිබුනා කියත කිරි පුතාට නොතේරීම් දුකක්. ඉන්දියාව හා චීනය ප්‍රශ්ණ ඇතිකරන්නේත් නැහැ. දැන් ඔය කෙලවරපිටිය වැනි විදුලි බලාගාර දෙන්න වෙන්නෙත් නැහැ. රටත් නිදහස් අනාගත පරපුරට ණය වෙන්නේත් නැහැ. මෝඩකමට බෙහෙත් නැහල්ලුනේ.

:       0       3

upulThursday, 04 November 2021 08:21 AM

අනේ මෙහෙමත් අදහස්... නොතේරෙනකම...

:       1       1

Leslie Wednesday, 03 November 2021 06:58 PM

මෙයානම් කිරිපුතාම තමයි...

:       6       11

Leslie Wednesday, 03 November 2021 08:01 PM

මෙයාට කිරි පුතා නෙමෙයි කියන්න ඕනි

:       1       1

ganegoda Thursday, 04 November 2021 11:01 AM

අර මොළ හතේ කෙනාට මොකද වුනේ?

:       2       2

saapin Thursday, 04 November 2021 11:04 AM

ඔන්න පෙර හැර පෙළ ගැස්සෙනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site