
(රංජන් කස්තුරි)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයිනගේ පිරිසක් අද (3) කොළඹදී දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
ලංකා විදුල්බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට එම විරෝධතා පැවැත්විණ.
රට පුරා විවිධ ස්ථානවල සේවයකරන විදුලි සේවකයෝ සේවයෙන් ඉවත්වී අද පෙරවරුවේ කොළඹ කොටුව ලංවීම මූලස්ථානය ඉදිරිපිටට රැස්වූහ.
ලංකා විදුලි සේවක සංගමය, ලංවීම වෘත්තීය සමිති සහ ලවීම ඉනජිනේරු සංගමය යන සමිති නියෝජනය කරමින් විදුලි සේවකයින් විශාල පිරිසක් එම විරෝධතාවලට එක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල වරාය අමුවෙන්ම දීලා දානකොටත් මෙයාලා මෙහෙම කළාද? 40%ක කොටස් අරන් හරි කමක් නෑ ඒ බලාගාරයෙන් රටට අවශ්‍ය විදුලිය හරියට සැපයෙනවා නම්. එ්කකයක මිලත් අඩුවෙන්... මොකද විදුලිබල මණ්ඩලය ඒක කරන්නද?
මෙයානම් කිරිපුතාම තමයි...
මෙයාට කිරි පුතා නෙමෙයි කියන්න ඕනි
අර මොළ හතේ කෙනාට මොකද වුනේ?
ඔන්න පෙර හැර පෙළ ගැස්සෙනවා