සෝමාලියාවේ මෙහෙයුම්වල නියැලෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් හෙලිකොප්ටරයක් අල්ලා ගැනීමට එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ‘අල් ෂෙබාබ්’ ඉස්ලාමීය ත්‍රස්තයෝ සමත් වූහ.
හෙලිකොප්ටරය අල් ෂෙබාබ් ත්‍රස්ත. ග්‍රහණයට හසුවී ඇත්තේ, එය අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන්ගේ පාලනයට නතු ගල්ගඩූඞ් පළාතේ, ගඩූන් නමැති ගම්මානය අසලට හදිසි ගොඩබෑමක් කළ අවස්ථාවේදීය.
යානය හදිසියේ ගොඩබෑවේ එහි තාක්ෂණික දෝෂයක් හටගත් බැවිනි. හෙලිකොප්ටරයේ නියමුවන් ද ඇතුළු විදේශිකයෝ 9 දෙනෙක් වූහ. ඔවුහු ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයට පත්වූහ. හෙලිකොප්ටරයේ සිටි 9 දෙනා අතරේ හමුදා නිලධාරීහු තිදෙනෙක් ද සිටියහ.
අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ වසර 16 ක් කිස්සේය. අප්‍රිකාවට අයත් සෝමාලියාව, දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් දුර්වල රාජ්‍යයකි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රස්තයෝ එ.ජා. හෙලිකොප්ටරයක් අල්ලා ගනිති