
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කරන ත්‍රිපුද්ගල කමිටුව දෙපාර්ශවයේ නීතිඥයන් අතර ඇති වූ තර්ක විතර්ක හේතුවෙන් යම් යම් අවස්ථාවල ඊයේ (28) උණුසුම් මුහුණුවරක් ගත්තේය.
මෙහිදී අදහස් දැක්වූ කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසා ඇත්තේ කමිටුවේ කටයුතු සාමයෙන් පවත්වාගෙන යෑමට සියලු දෙනා වග බලා ගත යුතු බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම කමිටුව හමුවේ ඊයේ දෙවැනි වරටත් පෙනී සිටියේය.
නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා වගඋත්තරකාර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇතැම් යෝජනා පිළි නොගන්නා බව පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජීව සමරවික්‍රම මහතා ප්‍රකාශ කර ඇත.
මාතර, වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වූ අවස්ථාවේදී විත්තිකාර පොලිස්පතිවරයාද යම් යම් කරුණු පැහැදිලි කිරීම් කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ නදුන් චින්තක නොහොත් හරක් කටාගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව පුද්ගලයන්149 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු තමා පොලිස් මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී එම 149 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂවරයාට නියෝග කළ බව දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී පවසා ඇත.
කෙසේ වෙතත් මෙම නියෝගය ලබා දුන් පසු යවනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ කුමන කණ්ඩායමද නිලධාරීන් කොපමණ පිරිසක් පිටත් කර හැරියේදී යන්න තමා දැනුවත්ව නොසිටි බවත්, වෙඩි තැබීමේ සිද්ධිය සිදුවීමෙන් පසු එනම් 2023 දෙසැම්බර් 31 වැනිදා අලුයම 04ට පමණ දැනුවත් වූ බවත් තෙන්නකොන් මහතා පැවසීය.
මේ අතර, මෙම කණ්ඩායම යැවීම සඳහා අවශ්‍ය කරන වෑන් රථය ලබා දීමේදී නීතිය අනුව කටයුතු කළ බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩකරලා නඩු කියන්න, බැනුම් අහන්නත් වෙලා මේ මේසපන්දු ට්‍රැපික්කෝන් පොලොස්පටි මාත්තයාට...
මේකත් අන්තිමට උත්තරීතර, කෘතහස්ත, විෂ්මිත, විකෘතිකර , ...මාලිමාව සුපුරුදු පරිදි හත්පොළේ ගාගත් සිදුවීමකි...
කුඩු මර්ධනය කරපු මිනිහා අල්ලලා හිරේ දැම්මේ පාතාලයින්ගේ උවමනාවට බව ඩෑන් ප්‍රියසාද්ගේ මරණයෙන් හොඳටම පැහැදිලි උනා. පාතාලය කරන්නේ දේශපාලකයන් බවත්, පෝය දෙකෙන් කුඩු ඉවර කරන බවත් කියපු මේ මාලිමා ත්‍රස්ථයින් අන්තිමට ඉවර කරේ ලුණු කුඩු. ඊට පස්සේ ගිවිසුමට අනුව ඉන්දියාවෙන් ලුණු ගෙනත් පක්ශ අරමුදලට කෝටි ගාණක කොමිස් ගත්තා. ඊට පස්සේ පක්ශ අරමුදල 159 එකතු වෙලා බෙදා ගත්තා. අරගලේ කරලා මාලිමාව ගෙනාපු පාතාලේ උන් දැන් 6,7 වසර වල ළමයින්ටත් රට පුරාම කුඩු බෙදනවා. කිලෝ 100ක් අල්ලනකොට, කන්ටේනර් 323ක් රට ඇතුලේ...
විනිසුරුතුමන්ලාටත් ඇත්ත තේරෙනවානේ. ඒ අයගේත් පොඩ්ඩක් හරි හෘදය සාක්ෂියක් ඉතුරු වෙලා තියෙනවානේ. අනිත් එක මෙහෙම යනකොට තව මාස 5කින් විතර ආපහු අරගලයක් ආවාම මිනිස්සු මෙයාලා ගැනත් අමතක කරන එකක් නෑ කියලා හිතෙනවා ඇතිනේ...
වැඩ බැරි පොලිස්පති දේශබන්දු හිරලුවා තව ටික කාලයක් හිටියානම් පොලිස් දෙපාර්තුමේන්තුව ත්රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තරයේ ලැයිස්තු ගත වෙනවා
ප්‍රංශයේ, ඉතාලියේ, ස්විස්වල නඩු, කොමිසම්, විස්තර දෙන සෙට් එක වැනි යූ ටියුබර්ස්ලාට කමිටුවේ ඉන්වයිට් කරලා නැහැ වගේ... අපට විස්තර දැනගන්න. මොකද ඒ අය දෑසින් දැක කණින් අහලනේ කියන්නේ.