
දූෂණ වංචා චෝදනා හේතුවෙන්, වසර 15 ක කාලයක් තායිලන්තයෙන් පිට වී විදේශගතව සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා යළි තායිලන්තයට බලා පැමිණියේය. එසේ පැමිණි සැණින් ඔහු අත්අංගුවට ගෙන අධිකරණයට යොමු කර පසුව බන්ධනාගාරයට යැවිණි.
තක්ෂින් සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකි. 2006 දී දූෂණ චෝදනා එල්ල වෙද්දී, ෂිනවාත්‍රාට බලය අහිමි විය. ඒ, හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවය.
තක්ෂින් බලයෙන් නෙරපා දැමුණු අතර, ඔහුගේ ‘තායි රාක් තායි’ පක්ෂය බලතල අවභාවිත කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් තහනම් කෙරුණි.
අත්අඩංගුවට ගැනීමට පෙර, තක්ෂින්, තායිලන්තයෙන් පිටුවහල් වී විදේශගත වීමට තීරණය කළේ එවිටය. තක්ෂින් නොමැතිව, බැංකොක් අධිකරණ ඔහුට වසර දෙකක සිර දඬුවමක් ද ලබා දී තිබුණි.
තක්ෂින් යළි පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය තිබුණි. ඒ අනුව, තක්ෂින් ෂිනවාත්‍රා ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් බැංකොක් අගනුවර ඩොං මුවෙන්ග් ගුවන්තොටුපොළ බලා පැමිණි සැණින් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න රටවල්. පැමිණි විගසින් අත්අඩංගුවට
අපිත් හොරු ටික ඉක්මණින්ම වැලිකඩට ගාල් කරමු. මැරෙන්න ඉස්සර…
අපෙත් ඉන්නවා.... හමුදාවක් දේශපාලුවන්ට කඩේ යන...
ලංකාවේ කෙනෙක් රට ඉඳලා ආවා නම් මල් මාලා දාලා. රතිඤ්ඤා පත්තු කරලා... වෙන වැඩක් නෑ..