
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
හලාවත වැවිලි සමාගමට අයත් තබ්බපණ්නීය වතුයායෙ ඇති වු හදිසි ගිනකින් අක්කර 25ක වගාවන් විනාශ වී ඇති බව පාලනාධිකාරිය පවසයි.
කිසියම් පුද්ගලයකු කළ ගිනි තැබිමේන් මෙම ගින්න පැතිරි යන්නට ඇති බව කියයි.
ගිනි ගැනිමත් සමග පුත්තලම යුද හමුදා නිළධාරින් ,පුත්තලම නගර සභා ගිනි නිවිම් ඒකකය ඇතුළු කණ්ඩායම් රැසක් මහත් උත්සහයක් ගනිමින් ගින්න පාලනය කිරීමට උත්සහ කර තිබුනද පවතින අධික සුළං තත්වය මත ගින්න කඩිනමින් පැතිරි ගොස් ඇති බව කියයි.
ගිනි ගැනිමේන් තම්බපණ්නී වතු යායේ පොල් හා කජූ වගාවට විශාල හානියක් සිදුව ඇති බව කියයි.
කෙසේ වෙතත් මේ වන විට පුත්තලම හා අවට ප්‍රදේශ වල පවතින වියළි කාළගුණ තත්වය හමුවේ පසුගිය දිනවල ද මෙවැනි ගිනි ගැනීම රැසක් වාර්තා වී තිබු අතර එහිදි පොල් අක්කර 25 කට පමන හානි සිදුව තිබු බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd