(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන " ඉළිබේ රංජි ගේ පුතා නොහොත් නීලක "නැමැත්තා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි සිය නැන්දාගේ නිවසට ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා නැන්දා බාරයේ සිටි වයස අවුරුදු 7ක ඔහුගේ දරුවා පැහැරගෙන ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයකින් අද (17) පෙරවරු 7.40.ට පමණි නිලක නැමැත්තා දරුවා රඳවා සිටි නැන්දාගේ නිවස ඉදිරිපිටට ගොස් රැගෙන ආ ටී ටී-56 ගිනි අවියකින් අහසට වෙඩි දෙකක් තබා තර්ජනය කරමින් නිවස තුළට ගොස් නිවසටගොස් එහි සිටි දරුවා පැහැරගෙන ගොස් ඇත.
මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා හිසට ද බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයකු බව පොලිසිය කියයි .
ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳ සමඟ සබඳතාවක් පැවැත්වූ බව කියන තීරෝද රථ රියදුරකු ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ,බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙක් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනීමට සොයන නිලක නැමැත්තා ඔහුගේ බිරිඳව මීට සතියකට පමණ ඉහතදී කපා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ එකම දරුවා අධිකරණය මගින් ඔහුගේ මව බාරයට තාවකාලිකව පත් කර ඇති අතර හෙට (18) දින පරිවාසයට යොමු කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීම ට නියමිතව ඇතැයි පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉක්මණින් ආයුධ පෙන්නන්න එක්කන් යන්න නියමිතයි.
පොලිසියට වැඩ පෙන්නන හොඳ අවස්ථාවක්...!
අනිවාර්යයෙන් සැඟවුණු ආයුධ හොයන්න එක්ක යන්න ඕන ඩයල් එකක්... පොඩි එවුන්ට, ගෑණුන්ට චන්ඩිපාට් දාන චීත්ත පාතාලයක්...
ශෙහාන් මාලකවත් අත් අඩංගුවට ගන්න මෙච්චර මෙහෙයුමක් කළ ශ්‍රී ලංකා පොලිසියට මිනීමරුවෙක් අල්ලගන්න බැරිද? අහසට වෙඩි තියන්න හරි ඒ මනුස්සයා ළඟ පිස්තෝලයක් තියෙනවා කියන්නේ අහිංසක පූසෙක් නෙවෙයිනේ..
මොන තරාතිරමේ පියෙකුට උනත්,තම දරුවෙකු නොබලා ඉන්නට බැහැ.මේ ගැන පොලිස් පරීක්ෂණ කරනා අයට ඉවක් තිබුණේ නම්,මොහු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණා වෙන්නට පුළුවන්...