
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත.
ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගත වීම නිසා සමාජයේ අනිසි බියක් ඇතිවීම වැලැක්වීමත්, නිල නොවන අයුරින් සිදු කරන ප්‍රකාශයන් හේතුවෙන් මාධ්‍යයෙන් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් වීම වැලැක්විමත් යන කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පත්කිරීම් සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඩෙංගු රෝගය පිළිබඳව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මියත්, වසංගත රෝග තත්ත්වයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතාත් මින් ඉදිරියට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත නිවැරදි හා නිල ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙමත් කොරෝනා කාලේ රට විනාශ කළා වගේ මාධ්‍ය සංදර්ශන තියන්න... ගොනා හැරෙනකොට දන්නවා කොහෙටද යන්නේ කියලා...
කැපවූ රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙක් හිටියා. එවැනි කෙනෙක්. කෝවිඩ් යුගයේදී විශිෂ්ට සේවයක් කළ කෙනෙක්. ඔහු දැන් නැවතත් අපට සේවය කරනවා. ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේත් සමහරු හිටියා. විකෘති වූ කෝවිඩ් භීෂණය අප පිටුපසින් තිබෙනවා. අනුර පාලනය එවැන්නකට සූදානම්ද?