
76 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පිළිරුවට මල්දමක් පැළඳ වූ අතර කථානායකවරයා ඇතුළු අමුත්තෝ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
එයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරුපය ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd