(සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සිටින්න ඕන ගල්ගුහා, හුඹස් සහ ගස් බෙනවල දැයි තමා ප්‍රශ්න කරන බව ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය
හඳුන්නෙත්ති මහතා මෙසේද ප්‍රකාශ කළේය.
ඒ වගේම මහා හොරකම් කරලා මත්කුඩු විකුණලා මුදල් හොයන එකද හොඳ. කාගෙන් හරි ඉල්ලගෙන ජීවත් වෙන එකද හොඳ. මේ දෙක තේරුම් ගන්න ඕන. වැදගත් වෙන්නේ දේශපාලනයෙන් සහ ජනතාව විකුණලා හරි හම්බ නොකර ජීවත් වෙන එක.
අපි දන්නවා. වසන්ත සමරසිංහ සහෝදරයා මුල ඉඳන් ටියුෂන් කරපු කෙනෙක්. තව එකක් දේපළ තිබුණ කෙනෙක්. ජනතාව අපේ නායකයන්ට උදව් කරනවා. අනිත් පක්ෂ වල අයට එහෙම නැති වුණාට අපිට කරන්න දෙයක් නෑ. මේක ඇත්තෙන්ම න්‍යායාත්මකව සංවාද කරන්න ඕන කාරණයක්.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජේ.වී.පී නායකයන් ඉන්න ඕන ගල් ගුහාවලද
Rifan Saturday, 20 September 2025 04:31 PM
ඔබ ඔය කියන කාරණයන් ඔවුන්ට තේරුම් ගන්නවා තියා හිතාගන්නවත් බැහැ. ඒ තරමට ඔවුන්ගේ මහ එවුන් සහ පොඩි එවුන් මේ හොර බොරු වංචාවල ගිලී ජීවත් වෙන්නේ. මේ රටේ බහුතර ජනතාව ඔවුන්ට විටින් විට රැවටෙනවා තමයි. නමුත් දැන් දැන් ජනතාව තේරුම් අරගනිමින් ඉන්නවා.
ගුණරත්න Saturday, 20 September 2025 06:07 PM
මාර තියරි මෙව්වා. බිග්ම කුස්චන් එකක්. අනිත් මිනිස්සු ව්‍යාපාර කළොත් ඔවුන් හොරු. එත් සහෝදරයෝ කළොත් එව්වා සාධාරණ බිස්නස්... කෝටි 50ක් විතර වත්කම් තියෙන එකෙක් කියනවා... ඇහෙට්ට ගියාම පොල් හම්බෙනවා මෙහෙට්ට ගියාම කරෝලා හම්බෙනවා... ඔක්කොම ෆ්‍රී. එක හින්දා අපට සල්ලි තියෙන ඒක සාධාරණයි. අනේ මොවුන්ටනේ අපේ ගොන් තඩි රැවටුනේ. තවමත් රැවටෙනවා...