IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු පැවැසුවේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සිදු කිරීමටද සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකයට විධායක කමිටු අනුමැතිය ලබා දීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනට සහ ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව සැලකීමේ අවශ්‍යතාවයට අනුකූලව මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කරහිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකා බලධාරීහු මේ සතිය මුලදී ප්‍රකාශ කළහ.ඒත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ජූනි මස ලබාගැනීමේ බලාපොරොත්තුව කඩවන ලකුණුද පෙන්නුම් කළේය.



අදහස් (0)

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය

ඔබේ අදහස් එවන්න

දියත

අපිට නැති උන්ට අැති කම්කරු දිනය
2024 මැයි මස 01 99 0

ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.


කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරැළෙයි
2024 මැයි මස 01 125 0

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ


රට ශක්තිමත් කරන වගකීම අත්හරින්න බෑ
2024 මැයි මස 01 293 3

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුත


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 18 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


අද වහින තැන්
2024 මැයි මස 01 196 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා


ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා
2024 මැයි මස 01 818 2

දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 413 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1822 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1635 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site