
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දහක් බලා සිටියදී පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් අද (25 ) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි තරුණ නීතිඥවරයෙක් බව පොලිසිය සඳහන් කරයි .
පැමිණිලිකාර නීතිඥවරයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් යටතේ සේවය කර ඇතැයි ද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරී කරමින් සිටිය දී දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික අරාවුලක් මත බහින්බස් වීමක් සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
එදින ම දහවල් නීතිඥවරියන් දෙදෙනෙකු හා එක් නීතිඥ වරියකගේ සැමියා කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාටද තර්ජනය කර ඇතැයි ද හෙළි වී ඇත .
එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරී කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයෙකු පැමිණ ඔහුගේ කාර් රථයෙන් කැඳවාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල්ම පමණක් තම ජීවන අරමුණ කරගෙන එම වෘත්තිය අන්තිම පහත් තත්ත්වයකට ඇද දමා ඇති වගට දහසකුත් එකක් කාරණා අතර තවත් එක් සිදුවීමක් පමණි...!
නීතිඥයොත් මේ තරම් පිරිහෙන කොට රටේ පිරිහීම ගැන කවර කතාද?
රටේ පිරිහීම මෙතැනින්ම පේනවා. ජ්‍යෙෂ්ට යැයි හිතන් ඉන්න රැකියා කරන අයගේ හැසිරීමේ එක් අවස්ථාවක් විතරයි. මෙයාගේ සාධාරණ නඩුවලට පෙනී හිටින්නේ කෙහොමද?
නීතිය දැන දැන පාතාලයේ ක්‍රියාකාරකම් කරනවා නම් නීතියේ ආධිපත්‍යය සුරකින්නේ කොහොමද?
නීතිය බල්ලාට ගිහින්...!
ඔය සේවය කරන අයගේ කටයුතු ගැන ජනතාව එළිපිට කිසිවක් කියන්නේ නැහැ. අධිකරණ අමාත්‍යාංශය හෝ නීති විද්‍යාලය හෝ වෙනත් විශ්ව විද්‍යාලයක් මගින් සමීක්ෂණයක් කළොත් ජනතා අදහස් පැහැදිලි වේවි...!
නීතියේ මුරපල්ලන් මෙලෙස හැසිරේ නම් අපේ රටේ නීතිය කොයිබටද?
අරගලය...!
නඩුවලට සල්ලි ගන්නවා, කල්දා ගන්නවා, නඩුව ඇදගෙන යනවා, මොවුන් නීතිඥයින් නොවෙයි. හොරු රැලක්...!