
(අංජුල මහික වීරරත්න)
ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.
තමාගේ ඉදිරි ජපාන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා පැවැත්වීය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපාන සහයෙන් බෞද්ධ සරසවියක්
කසුන් Saturday, 20 May 2023 01:05 PM
ජපානය ගරු කරන්නේත්, සහාය දක්වන්නේත් මහායාන බුදුදහමට නේද?
යෝගා Saturday, 20 May 2023 01:14 PM
රනිල්ට බෞද්ධ ඡන්ද වැටෙන්නේ අඩුවෙන් කියලා එයා දන්නවා. මේ වගේ විජ්ජාවල් සියල්ල ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි.
Surain Saturday, 20 May 2023 01:36 PM
අනේ මහනායක හාමුදුරුවනේ, දේශපාලකයින්ගේ බොරුවලට නම් රැවටෙන්න එපා. මට මතක් වෙනවා වොක්ස්වැගන් ගැන...
ලුම්බිණි Saturday, 20 May 2023 01:41 PM
බෞද්ධ විශ්ව විද්‍යාල අපට ඇතිතරම් තියෙනවා. කර්මාන්ත, පර්යේෂණ, විද්‍යාත්මක, වගේ දේවල්වලට අවශ්‍ය එකක් පටන් ගන්න.
dhamneth Saturday, 20 May 2023 03:48 PM
බුදුදහමේ දියුණුවට නම් විශ්ව විද්‍යාලවලින් නම් හානියක් මිසක් කිසිම යහපතක් වෙන්නේ නැහැ. දැන් පේන්නේ නැද්ද පාලි, බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් පිටවන කට්ටිය...? බොහෝ දෙනා කියන්නේ ශාසනය විනාශ කරනවා කියලා.