IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අප්‍රේල්  දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී විමසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා එම කතාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරද්දී නැගී සිටි ජනාධිපතිවරයා:-

"මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන  .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල්  දහ වෙනිදා ඔබතුමා  අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ දැයි " ජනාධිපතිවරයා කීය.



අදහස් (10)

ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

Chandana Thursday, 09 May 2024 11:04 AM

ජාතික ආණ්ඩුවක් හදාගන්න ඕනෑ, මේ එක එක කුලල් කාගන්නේ නැතිව, අපේ රට ගොඩ යනකල්

:       16       32

upali Thursday, 09 May 2024 11:22 AM

Great. ඒ නායකත්වය. නමුත් මම ඔබේ රසිකයෙක් නොවේ.

:       10       21

fairoos Thursday, 09 May 2024 11:25 AM

මේ දෙන්නා හැමදාම නිකන් විහිලු සපයනවා විතරයි

:       13       19

Hemantha Thursday, 09 May 2024 11:40 AM

ජනාධිපති තුමා හරිම ප්‍රජාතන්ත්‍රවාදී යි ,සැහැල්ලුයි .මෙහෙම අය තමයි අපිට ඕන

:       21       36

ධනුෂ්ක Thursday, 09 May 2024 02:02 PM

ඇත්ත කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී ද කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා. මැතිවරණ එහෙම ලස්සනට කල් දානවා,

:       18       13

න.දහනායක Thursday, 09 May 2024 12:02 PM

ඇත්තෙන්ම විපක්ෂයේ නායක ජනාධිපති වෙතට චෝදනා එල්ල කරනවා ඔහුට ගෝඨාභය අගමැති වෙන්න කිව්වම කොහේදෝ හැංගුනා හරියට ජේආර් පළාත් සභා ගිවිසුම අත්සන් කරද්දී ලොකු ප්‍රේමදාස හැංගුනා වගේමයි ඒ වෙලාවෙ අගමැති වෙලා ජනාධිපති වුණා නම් දැන් පෙන්වන කිසිම වරදක් අබමල් රේණුවක තරමින් වත් නොවෙන්න තිබුනා කියලා හිතෙනවා කවුරු කොහොම කිව්වත් මෙතනදි වත්මන් ජනාධිපති නිවැරදියි කියන්න පුළුවන් මට ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්ම රත්නාවලියේ උපමාවක් මතක් වුනා ඒක හරියට විපක්ෂයේ නායක කියන කතාවට සමාන අදහසක් දෙනවා එය ආදා යවාලා වල්පත ගත්තා සේ කියලා කියන්නෙ අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුතු නොකර පසුව ලතවෙනවාට උදාහරණයක් තමයි

:       10       43

අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 01:58 PM

රනිල් දන්නවා සජිත්ගේ බැරිකම හා දුර්වලකම, ඒ නිසා සජිත්ට බැහැ රනිල්ට අභියෝගය කරන්න තියා ධනාත්මක විවේචනයක් හෝ කරන්න. ඒ අතින් අනුර තමයි අද පාර්ලිමේන්තුවේ රනිල්ට අභියෝගය කරන්න පුළුවන් එකම හා ප්‍රබලම පුද්ගලයා.

:       3       22

මහසෙන් Thursday, 09 May 2024 02:51 PM

ගන්න කීව පලියට ගන්නේ කොහොමද? ගෙදරින් අහන්න ඕනෑ... අම්මාගෙන් අහන්න ඕනෑ, අක්කාගෙන් අහන්න ඕනෑ, ඒ මදිවට එදා ගාලු මුවදොරදී ඔලුව බේරගත්තු හැටි මතක් වෙනකොටයි, ඊට පස්සේ දවස් ගාණක් යනකන් මෙයා අතුරුදන් වෙලා උන්නු හැටියටයි, පස්සේ ලියුම්ලීව හැටියටයි කොහොමද රට බාර ගන්නේ? මෙදා වෙන්නේ ඒකේ අනික් එක. මෙයා කවදාවත් රටේ ජනපති වෙන්නෑ. ජනපති වරනෙන් පස්සේ මෙයාව හොයාගන්න වෙන්නෙත් නෑ. ඔය යන විදියටම යන්න සජී බබා...

:       2       26

සමන් Thursday, 09 May 2024 03:49 PM

මෙයාට බාර දීපු රටක් නෑ. හරියට අර පෙරේත තටුවට අරක් ගත්ත පෙරේතයා වගේ හොරු රකින්නම් කියලා බදා ගත්තා. කතාව රට හදන්න ඒත් වීසා එකෙනුත් ගසා කනවා. හතර පාරක් අගමැති. හැරමිටියෙන් යනකල් හිටියා රට හදන්න.

:       23       29

Kotaluva Thursday, 09 May 2024 08:19 PM

බූරුවෙක්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මහනාහිමිවරු ඥානසාර හිමිට නිදහස ඉල්ලති
2024 මැයි මස 20 23 0

බන්ධනාගාරගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා මහ නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 මැයි මස 20 595 1

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් ම


සුන්බුන් හමුවෙයි
2024 මැයි මස 20 967 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ


ඇමෙරිකාව නිහඩයි
2024 මැයි මස 20 1068 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.


ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි
2024 මැයි මස 20 890 0

කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.


උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරලා
2024 මැයි මස 20 196 0

නීති විරෝධී මත්පැන් හා පෙරීමෙි උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 810 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2364 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2027 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site