IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘ජනපති සමාවට අත පොවන්න අධිකරණයට බලයක් නෑ‘‘

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු)

ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක් බවත් එයට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවත් රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පැවැසීය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියෙන් පසු දඬුවමක් නියම කළවිට අධිකරණ ක්‍රියාවලිය අවසන් වේ. විධායක ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනතාව විසිනුයි. ඒ අනුව ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක්. එය ඉතා වැදගත්. එයට අත පෙවීමට අධිකරණයට බලයක් නැහැ. ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වා ගෙන යා නොහැකියි. මෙම අනන්‍ය බලය ලබා දී ඇත්තේ විධායකය සහ අධිකරණය අතර ඇති සමතුලිතතාව පැවතීම සඳහායි.

යම් අයකුට වැරදීමකින් මරණ දඬුවම නියම කළහොත් ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැකියි. මෙය අදාළ වන්නේ අපරාධ නීතියටයි. ඊට අධිකරණයට මැදිහත් වීම ජනතා පරමාධිපත්‍යයට මැදිහත් වීමක්.

මෙම පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.



අදහස් (11)

‘‘ජනපති සමාවට අත පොවන්න අධිකරණයට බලයක් නෑ‘‘

පැරකුම් Monday, 17 July 2023 10:23 PM

යම් අයකුට වැරදීමකින් මරණ දඬුවම නියම කළහොත් ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැකියි. ඒ කියන්නෙ මෙතන අධිකරනයට වැරදීමක් වෙලාද?

:       0       2

SISIRA Monday, 17 July 2023 10:57 PM

මරණ දඩුවමක් ලබාදෙනු ලබන්නේ එක විනිසුරුවරයකු නොවේ නම්, විනිසුරුවරුන් කිහිපදෙනෙකු විසින් යම් අයකුට වැරදීමකින් මරණ දඬුවම ලබාදිය හැකිද? විනිසුරුවරුන් කිහිපදෙනෙකු විසින් යම් අයකුට මරණ දඩුවම ලබාදීමේදී ඔවුන් සියල්ලන්ම එකම තීරණයක් ( වැරදීමකින් මරණ දඬුවම ලබාදිය ) ගත හැකිද ? එසේ මරණ දඩුවම නියම කළහොත් ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැකියි. නමුත් ජනාධිපතිවරයා යනු තනි පුද්ගලයෙකි.

:       0       2

nihal Monday, 17 July 2023 11:31 PM

ජනාධිපතිට අධිකරණය යටත්ය .එතකොට කෙලින්ම මහජනයා ජනාධිපතිට යටත්ය

:       0       1

පැරකුම් Tuesday, 18 July 2023 07:43 AM

හරි එහෙනම් සිරා ෂේප්…!

:       0       2

INDIKA Tuesday, 18 July 2023 08:01 AM

දුමින්ද සිල්වත් නිදහස් වෙන සීන් එකක් තියෙන්නේ ?

:       0       2

ලුම්බිණි Tuesday, 18 July 2023 09:59 AM

එතකොට ජනාධිපතිට පුළුවන් නේ සියලුම වැරදි කරුවන් නිදහස් කරන්න. පුදුම රටක්.

:       3       5

Bamunuarachchi Tuesday, 18 July 2023 11:31 AM

දන්න තරම තමයි ඔය.

:       0       1

Bamunuarachchi Tuesday, 18 July 2023 11:39 AM

මෙතන අපි කියව්වේ සොලිසිටර් ජනරාල් ගේ නීති තර්කය. බලමු විනිශ්චයකාර වරුන්ගේ තීන්දුව මොකක්ද කියලා. හිටපු ජනාධිපති කෙනෙක් එල්ලුම් ගහට නියමවූ පාක්ෂිකයින් 2 නෙක් ඒ කාලේ නිදහස් කලා. ඒගැන කිසිවක් ප්‍රශ්න කලේ නැහැ. සොලිසිටර් ජනරාල්ගේ තර්කය විනිසුරුවන් පිළිගත්තොත් දුමින්ද දිසානායක නිදහස් කිරීම වලංගු නැද්ද?

:       0       3

Para Perata Tuesday, 18 July 2023 11:43 AM

පුදුම කාලකන්නි ටිකක් පාලනය කරන රටක් .මේ බලයෙන් කොහොමද සමතත්වය ඇතිවෙන්නේ ?පිස්සු කතා

:       0       2

wedage Tuesday, 18 July 2023 11:46 AM

ඒක තමයි චන්දයක් තියන්න කියන්න එතකොට පුළුවන් නේ ජනාධිපති ආණ්ඩුවක් හදන්න

:       0       1

HELAYA Tuesday, 18 July 2023 12:51 PM

ජනපති විධායක බලතල අනුව ජනාධිපතිට බැරි පිරිමියෙක් ගෑනියෙක් කරන්න. ජේ ආර් කාලේ මිනීමරු ගොනාවල සුනිල්ට සමාව දීලා ජේ පී තනතුරක් දුන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site