
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී 23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ සහභාගී වූ අවස්ථාවේ දී ය.
නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.
අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්,අතුල ජයකොඩි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පොතක් හරි කියවලා තිබ්බ නම් අද අපිට හොඳ රටක්තියනවා. මේ ගොල්ලෝ අපිට පෙරලන්නේ වෙනම පොත්නේ.
ඇත්තටම අධිරාජ්‍යවාදී කාලයේ මෙරටින් ගෙනගොස් විවිධ රටවල තියෙනවා කියන පොත් ආපසු ගන්න බැරිනම් ඒවායේ පිටපත් ගෙනැවිත් මුද්‍රණය කර ජනතාවට ගන්න ක්‍රමයක් හදන්නවත් බැරිද? ඒ ගැන අවධානය යොමුවේවා.. ඒ අතරම කිරිඇල්ලේ වෙද හාමුදුරුවෝ ලියූ වෙදපොත් වැනි වටිනා පොත් අනාගත පරපුරට ගැනීමට සලස්වනවා නම් ඉමහත් සේවයක් වෙන්න පුළුවන්..!
අර නැතිවුනා කියන පොතුත් ඔතන තියෙනවද?
මේ වගේ නිහතමානී නායකයෙක් මුළු රටේම වාසනාවක්.
විලච්චියේ දරුවෝ කන්න නැතුව සිහිනැති වෙලා වැටෙනවා. අපේ රටේ නායකා රැජිණ මළගෙදර යනවා. පොත් ප්‍රදර්ශනය බල්නන යනවා. මිහිනහට කිසි ගාණක් නෑ. රටේ කරුෙම.
දැන් බබා හම්බවෙන්න ළඟයි වගේ...!
පොතක් ගහනවා කියන්නේ අනික් පැත්තෙන් ගහක් කපනවා කියන එකයි. නවීන ක්‍රමයට දියුණු වෙන්න හිතන ආණ්ඩුව මේ පෝසත් සේරම ඩිජිටල් ක්‍රමයට හරවලා තියාගත්තා නම් රටේ අස්සක්මුල්ලක් නෑර, සෑම කෙනෙකුටම එකවරම පොත පරිශීලනය කරන්න පුළුවන් වෙනවා. නමුත් මුද්‍රිත පොතක් එක්වරකට කියවිය හැක්කේ එක් අයෙකුට පමණයි...
ඔතන තියෙනවාද පිනට දෙන පොත්?
ගෙදර පොත් ලයිබ්‍රරියක් තිබ්බාට එක පොතක් කියෙව්වේ නැහැ.. මාධ්‍යයට පේන්න පොත් ලයිබ්‍රරිය පිටි පස්සෙන් තියාගත්තා. මතක නේද මැන්ගේ බිල් ක්ලින්ටන් පොත..? හැම මාධ්‍ය සාකච්ඡාවකම පිටිපස්සේ පේන්න තිබුණා. ගෙදර උඩ තට්ටුවේ සිට පහත තට්ටුවට, මාධ්‍ය සාකච්ඡාව තියෙන තැනට...!
පිනාධිපති එක්ක සෙල්ෆි ගහන්නේ... මේ අයට මොංගල්ද?
සුබපැතුම් ජනාධිපතිතුමනි...,
ඔය යන්න ඇත්තේ අර නැතිවෙච්චි පොත් ඔතැන තිබෙනවද කියා බලන්න වෙන්න ඇති...?