
(අංජුල මහික වීරරත්න)
ජනතාවට අවශ්‍ය අත්අඩංගුවට ගැනීම් ගැන ජනාධිපතිගේ අදහස් දැක්වීම් නොව ජීවන වියදමට පිළිතුරක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් කාලය වැය නොකර ජීවන වියදමට උත්තර දෙන්නැයි ද නාමල් රාජපක්ෂ මහතා කියයි.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.
රට පුරා සිටින පවුල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට ජනතාව ජනාධිපතිවරයාගෙන් විසඳුම් අපේක්ෂා කරනවා මිස, දැනට ක්‍රියාත්මක විමර්ශන සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳව ඔහු සිදු කරන ප්‍රකාශයන් කෙරෙහි ජනතාවගේ උනන්දුවක් නොමැති බවද රාජපක්ෂ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ගැන හරීයට හිතන මෙයා දන්නවා ඕන මොනවද කියලා. පුහුල තමයි! ජනතාවට ඕන හොරු මිනීමරුවෝ හිරේ යනවා දකින්න.
අපිට නම් උනන්දුවක් තියෙනවා.
මුලුරටම සුද්ද කෙරුවේ කිසිම කතාවක් නැතිව නේද? රට ගැන දුප්පත් වැසියා ගැන හිතුවාද? මිනීමරු දූෂිත පුත්තු ගැන විතරයි හිතුවේ. දැන් ඒ සේරම කතා මාලිමා ආන්ඩුව ජනතාව දැනුවත් කරනවා. ඒ නිසා කතාව අවශ්‍යයි. ගොලුවෝ නෙවෙයි රට වැසියෝ... පටි රෝල් වෙනවා නේද? ඒ කතා අහනකොට... අනාගත ජනාධිපති... මෙයාට හරියට තුනස්න්ග සම්පුර්න නම්. මේ විදියේ කතා නොකියා මන්ත්රික්ස්මෙන් ඉල්ලා අස් වෙනවා.
ජනතාව රවට්ටලා බලයට ඇවිත් පව්ලේ අයව කිට්ටු කරගෙන, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා රටම විනාශ කරපු, ජනතාවගේ රීර්‍ර් මාංශ හූරාගෙන කාලා මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා මරු කියවනවා...
අනේද කියන්නේ. විනාඩියකටත් වැඩිය අඩු කාලයක් ගත්තු ප්‍රකාශයක් ගැන මෙයාට මෙච්චර ඩෝන් ගිහින් තියෙන්නේ "ක්‍රිස්" හුටපටේ ඇදෙන හන්දාද මන්දා...