
(යොහාන් භාසුර)
රජය ඉදිරිපත් කළ අයවැය (2022) ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (12) පස්වරුවේ පැවසීය.
ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්‍ෂ විසිදහසක් ණය ගැනීමට සිදුවීමෙන් ජනතාවගේ හිස මත තවත් ණය කන්දක් පාත්වන බව කී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා අධික බඩු මිල ප්‍රශ්නයට ජනතාවට කිසිඳු උත්තරයක් අයවැයේ නොමැති බව ද සඳහන් කළේය.
මිල අධික ලෙස ඉහළ ගිය ගෑස්, තෙල්, පරිප්පු, හාල්, සීනි සහ පිටි ආදි සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබී ජීවන වියදම් සහනක් ජනතාව බලාපොරොත්තු වූ බව කී විජිත හේරත් මහතා පැවසුවේ මෙවර අයවැය ද වෙන්දා මෙන්ම නිකම්ම නිකන් වචන හරඹයක් පමණක් බවත්ය.
තෙල් මිල මීට පෙර ඉහළ දමා තිබීම නිසා එහි තවත් වැඩි කිරීමට දෙයක් ඉතිරිව නොතිබුණ බව කී මන්ත්‍රීවරයා බැසිල් රාජපක්‍ෂ මහතා මහලොකු විප්ලවයක් කරනවා යැයි කීවත් අයවැයේ එවැනි පෙරළියක් නොමැති බව කීය.
වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනතුර වළක්වානොගැනීමට ද ගෙවීමක් කිරීමට අයවැයෙන් යෝජනා කිරීමෙන් වාහනයකට අනතුරක් නොවුණ ද සියලුම දෙනාට පොදුවේ රක්‍ෂණ වාරිකය ඉහළ යන බව පැවසූ විජිත හේරෙත් මහතා රක්‍ෂණ සමාගම් රජයට එම මුදලට ගෙවීමට නම් වාරික මුදලට වැඩි කළ යුතු බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාත්මක කරන විට සුලුදිය පිටනොවී හීං දාඩියෙන් බේරුනොත් ඇති...
වාහන කතාව නම් හේරත් සහෝදරයාට සම්බන්ධයි. ඔන්න ඊළඟ පාර බීලා වාහනේ පැද්දට කමක් නැහැ හප්පන්න ඔට්ටු නැහැ.
ඔහේලා මොකේද කවද්ද හොඳක් දැක්කේ...?
හීන්දාඩිය නෙමෙයි. පුදුම තරහක් එන්නේ මේ අයගේ මුහුණත්තහඩු දැක්කාම. හැටක් විතර ඇණගෙන ඇණගෙන යන්න හිතෙනවා.
වාහන අනතුරුවලදී වැරැද්ද කළ වාහනයෙන් දඩමුදලක් අයකරගැනීමේ ක්‍රියාවලිය බොහෝ රටවල සිදුවන්නක්.. තවද රක්ෂණ සමාගම අගතියට පත් වාහනය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර දිය යුතුයි කුමා...
@Sunil ඒක ඇත්ත. ප්‍රධාන පක්ෂ දෙකටම රට හදන්න නොදී වැඩපිළිවෙළවල් කඩාකප්පල් කරන්නේ මේ තුන්දෙනා. කිසිම දෙයක හොඳක් නොදකින... කොරහෙත් කිඹුල්ලු දකින හීනමානයින්.
අයවැයේ මොනවා තිබුණත් හැමදාම විපක්ෂයේ ඉන්න අයට එ්ක හිස් එකක්..., ආණ්ඩුවේ අයට එ්ක විශිෂ්ඨ එකක්...
ඔයාලා රටටම කරන්න යන දේ 88,89 කාලේ දැක්කා... සේරම සම්පත් ගිනි තියලා විනාශ කළා. ඒවා කලේ කාගෙ යහපතටද? අහිංසක ජනතාවගේ දේපල නේද නැති කළේ...
හොඳ දෙයක් තියෙනවා... මන්ත්‍රීලගේ විශ්‍රාම වැටුප අවුරුදු 10 ක් කරපු එක. ජවිපය ඒකටත් තරහ ඇති... මොන ආණ්ඩුවක් බලයට ආවත් කිසිදා බලයට එන්න බැරි ජවිපය දකින්නෙම නරකක්...
ජනතාවට කෙසේවෙතත් තමුන්නාන්සේලාට හීන් දාඩිය දාලා තියෙන්නේ.. ඒකනේ තුණ්ඩු කෑලි බෙදන්න පටන් ගත්තේ.. එ්වාට දැන් අහුවෙන්නෑ..
ප්‍රතිචාර ටිකක් බැලුවා... බරපතල වහල්ලු තමයි ඉන්නේ...