
(ඩයනා උදයංගනී)
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) පැවසීය.
ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක් බව කී ජනාධිපතිවරාය එය සිදු කිරීමේදී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදු වුවත එම අභියෝගය ජය ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිරයා මේ බව පැවසුවේ වැඩ නිම කළ මාර්ග 1500ක් එක ම දිනකදී ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ අද (06) පස්වරුවේ පැවති උත්සවය අමතමිනි.
කොවිඩ් වසංගතය හමුවේ තමා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි වුවත් එහි කිසිදු අඩුවක් නතබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
කාබනික වගාව මෙන් ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසු නො බසින බව ද ජනාධිපතිවරයා පැවසීය.
හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී ජනාධිපතිවරයා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බව ද කීය.
අගමැති මහින්ද රාජපක්ෂ, මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉවසලා ඉන්න ඊළඟ ඡන්දෙදි ජනතාව වෙනස පෙන්වන්න බලාගෙන ඉන්නේ කටාර් වල අපි
බලයට ඇවිත් වසර දෙකහමාරක් උනා. කියාපු සවුබාග්‍යයේ දැක්මේ ප්‍රතිපල දැන් රට පුරාවටම පේන්ඩ තියෙනවා . මොළ හතේ කෙරුමෙක් කියලා ඇමතිකමක් දීපු එකත් විප්ලවීය වෙනසක් තමා. ඒ විතරක් යැ පවුල් රෑනක්ම ඉන්නේ? තව මොනවද .
ශ්‍රී ලංකාවේ නුදුරු අනාගතයේ සිදුවීමට නියමිත යුග පෙරලිය වෙනුවෙන්, මේවනවිට රටතුල විප්ලවීය වෙනසක නියත වශයෙන්ම කැපවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තරුණ ප්‍රජාවගේ සුබපැතුම් !
දැනටමත් සිදුකර ඇති විප්ලවිය වෙනස හේතුවෙන්, සාගතයක අභියසට රටම ලගාවෙමින් ඇත. උද්දච්ච කමින් කොවිඩ් මරන ප්‍රමාණය 10,000 කින් වත් ඉහල දමන ලදි. ඔබ ඇතුලු ත්‍රස්ත කල්ලියේම විනාශය 70% වැඩි පිරිසක් අපේක්ෂා කරයි.
ඔබතුමාගේ වචන ඇහෙන විට හරිම ආඩම්බරයක් ජනාධිපතිතුමනි.
විප්ලවීය වෙනස බොක්කටම දැනෙනවා. කැලනි විශ්වවිද්‍යාලයට නාගසලන්, කොලඹත් කොටුවේ පොඩිනමට දුන්නාම විප්ලවය සාර්ථකව අවසන් කරන්න පුලුවන්.
අනේ සර්, තවත් කරනවද?
තවත්නම් එපා. මේ කරපු විප්ලවීය වෙනස හොඳටම ඇති ජනපතිඳුනි.
අමු කාපු අපෙ හාමූ කියවපු දෙයක් මිස කරවපු දෙයක් නැත
කිසිම දෙයක් කරන්නේ නැතුව නිකම්ම ඉන්නවද ? අනලා තියන ප්‍රමාණය හොඳටම ඇති .
අපි දැන් සීනි නැතුව තේ බොනවා. හෙට අනිද්දා මිරිස් නැතුව හොදි කනවා. ඔහොම යමු ලබන වෙසක් පෝය ලබනකොට ජනතාව විසින්ම විප්ලවය පටන් අරන් විශාල වෙනසක් කරාවි ඔබලාට.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ නිවැරදි මොලය පළමුව හෙළි කරන්න! !
විප්ලවය කරන අතරේ ජනතාව වලපල්ලට යනවා බඩුමිලේ හැටියට කන්න නැතුව.
විප්ලවය කෙසේ වෙතත් අස්වෙලා යන්න කියල තමයි මිනිස්සු කියන්නෙ. ආපු දා ඉඳල මිනිස්සුන්ට ප්‍රශ්න අනේ කරුනාකර ඔයයි ඔයාගෙ සහෝදරයො ටිකයි මේ රටෙන් චුත වෙලා යන්න.
ඔබතුමා නොකිව්වාට ඔය කියන විප්ලවීය වෙනස සිදුවෙමින් යනබව මේ දක්වා කරපු වැඩවලින් සහ ජනතාවට ලබාදීපු සහන වලින් පැහැදිලිවම පෙනෙනවා.
ලෝක ඉතිහාසයේ තකතීරුවොත් විප්ලව කළා... ඒ වගේම කරන්න උත්සාහත් කළා. ඒ හැම එකක්ම විනාශයකින් කෙළවර වුණා. ඒ නිසා ඔලමොට්ටලකන් නවත්වන්න හැමෝම එක්වෙමු...
පුළුවන් නම් මේ මාර්ග වල නම් පල කරන්න .මෙයත් රජයේ අනෙකුත් ප්‍රචාරයන් වගේම මුලාවකි .ජනතාව ඉල්ලූ වෙනස කෙසේ වෙතත් දැඩි වෙනසක් සිදු වෙමින් පවතී. නීතිය වල් වැදී ඇත.එන්නත් වැඩ සටහන හැර අනෙක් සියලුම වැඩ අවුල් ජාලයක් වී ඈත.ජනතාව ඉල්ලු වෙනස ලබා දෙන්න නම් උපාය මාර්ග වල විශාල වෙනසක් සිදු විය යුතුය .දැනටමත් ප්‍රමාධ වැඩි දෝ මට සිතේ
2019 තිබුණ රට, ජනතාව බලාපොරොත්තු වුන ආකාරයට නෙවෙයි වෙනස් වුනේ. කොවිඩ් වසංගතය ආර්ථික වශයෙන් විශාල බලපෑමක් කල බව සත්‍යයක් වුනත් අද බඩු මිළ ඉතා ඉහළයි. ජනතාවට දරා ගන්න බෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ පොලේ නෑ. ගෑස්, කිරිපිටි, සිමෙන්ති කොහේද තියෙන්නේ? සීනී, පරිප්පු, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අහස උසට. මේවා පාලනය නොකර මොන කයිවාරු ගැහුවත් වැඩක් නෑ. මහපොළොවෙ හැසිරීම් තේරුම් ගන්න ඔබතුමාට බැරිද, අකැමැතිද? පොහොර ප්‍රශ්නය ඉතා උග්‍රයි. රසායනික පොහොර වලින් ඉවත් විය යුතුයි. ඊට එකගයි. නමුත් පැය 24 න් කාබනික පොහොර වලට මාරු වෙන්න බැරි බව ඔබතුමා නොදන්නේ ද? ඔබේ ජන පදනම ගොවි ජනතාව නේද? ඔවුන් ආර්ථිකමය වශයෙන් බෙලහීන කර ජනතා සහයෝගය නොමැතිව මොකක්ද මේ කරන්න හදන්නේ? ගරු ජනාධිපති තුමනි. රට පාලනය කරන්න. ඔබට 69 ලක්ෂයක් ජනතාව චන්දය දුන්නේ ඒ සදහායි. වෙළෙන්දන් ට ඕන ඕන හැටියට බඩු මිළ පාලනය කරන්න ඉඩ දෙන්න එපා. දුප්පත් මිනිස්සු දෙස බලන්න. ඔබව ඔය පුටුවේ ඉන්දපු දුප්පත් අහිංසක මිනිසුන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්න. මිතුරු පක්ෂ වලට කන් දෙන්න. රටට අහිතකර ගිවිසුම් අත් හරින්න. 2019 ඔබ සමග සිටි අය සමග සහයෝගයෙන් රට පාලනය කරන්න.
උත්සාහයක්, කැපකිරීමක්, උනන්දුවක්, බුද්ධියක් නැති මිනිස්සුත් එක්ක රටක් හදන්න බෑ. එයාල වෙනස් වෙන්න කැමති නෑ. ප්‍රේමදාස රට හදන්න හැදුවා, එතකොට උද්ඝෝශණ රැල්ලක් ගෙනත් බැරි වුනාම කැරැල්ලක් ගෙනාවා. ඒත් බැරි උනාම උන්දැව මරා ගත්තා. මහින්ද ණය ගෙනත් හරි හදන්න හැදුවා, හොරා හොරා කියලා උන්දැවත් එලව ගත්තා. ඔබතුමාට කියලත් වෙනසක් වෙන්නෙ නෑ. දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ ජපානෙ මිනිස්සුන්ට ඉතිරි උනේ කැඩිච්ච ගෙවල් ටිකයි, යකඩ ගොඩවලුයි විතරයි. ඒත් අලු උඩින් ඒ මිනිස්සු නැගිට්ටා. ඒකට කාලයක් ගියා. කොරෝනාවෙන් වෙච්ච වැටිල්ල නැති වෙලා නැගිටින්න ලංකාවටත් කාලයක් යයි. ඒත් මිනිස්සු වෙනස් වෙන්නෙ නැත්තන්, ආයෙත් දියුණු වෙමින් පවතින තත්ත්වයට අවිත් නවතීවි.
එහෙමයි උතුමාණෙනි, දැනටමත් කෙරිලා තියෙන බව පෙනෙනවානේ...
ඔය විප්ලව ඉල්ලන ජනතාවට විප්ලවයක් කරන්න තරම් මානසික ශක්තියක් නෑ. ආණ්ඩුවත් ඔය වගේ විප්ලවයකට යනකොට හොඳට සැලසුම් කරලා යන්න ඕන. ආණ්ඩුවට සැලසුම් ශක්තියක් නෑ. වකුගඩු රෝගයෙන් බේරෙන්න ක්‍රමයක් ඉල්ලලා, කොම්පෝස්ට් පොර වලට ගියාම, ඒ ලෙඩ වෙන පලාතේ අයම ආපහු වස විස ඉල්ලනවනම්, රසායනික පෝර ඉල්ලනව නම් කොහොමද මේකෙන් බේරෙන්නෙ. ආණ්ඩුවත් කොම්පෝස්ට් එක්ක ඒ පලාත් වලට වතුර ෆිල්ටර් හදල දෙන්න ඕන. නැත්තන් පසට මුසු වෙච්ච ආසනික් පසෙන් ඉවත් වෙන්න අවුරුදු 30ක් විතර යනව. අනිත් එක ලංකාව දැන්වත් කාර්මීකරනයකට ලක් වෙන්න ඕන. තේ, රබර්, කුරුඳු විතරක් අපනයනය කරල නම් ජීවිතේට ගොඩ එන්න වෙන්නෙ නෑ.
අනාගත්ත රජෙක්. මිනිස්සුන් තුල වූ විශ්වාසය නැතිකලා අපරාධ කරුවන් සහ හිතවතුන් නිදොස් කිරීම, පොහොර නැති කිරීම සීමා රහිතව පාරිභෝගික ද්‍රව්‍ය හිඟය පෙනි පෙනී රාජ්‍ය මුදල් මංකොල්ල කෑම නිසා....තව බොහෝ දේ.. ඔබ විදේශ රැකියාවක් කරන බව පැහැදිලියි.
මේ පාස්කු නන්දේ ද, කෝවිඩ් නන්දේ ද, සාගත නන්දේ ද,?
ගා ගත් හත් පොලේ පිළිබඳව වගත් නැති... පුරසාරම් දොඩයි කිසිවිට පලක් නැති.. ඉල්ලුව නිසා දෙනබව පවසනව මැති..... වැදි බණ අසන්නට පව් කළ බව අප දනිති.,.
එක රටක එක නීතියකට මුල් තැන දෙන්න.
කවුද මෙහෙම වෙනසක් ඉල්ලුවෙ?
"සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ" මෙම ගීතය මතකද, එහි තේරුම දන්නවානේ !
ඒක කරන්න තව සැරයක් චන්දේ දෙන්න ඔනේ නේද? ඔයවගේ දෙයක් නැත්නම් මුස්ලිම් භීතිකාවක් පටන් ගත්තොත් ඇති. ඇයි කිව්වොත් විදේශ බලවේග/ කොටි ප්‍රශ්ණ/මුස්ලිම් ආක්‍රමණය රාජපක්ෂ කෙනෙකුට පමණයි පරද වන්න පුලුවන් කියා අපේ සිංහලයන්ට හොඳටම දන්නවා. නියත වශයෙන් ලබන පාරත් දිනනවා.
මට අහන්න තියෙන්නේ සොහොන් හැදුවා වගේද කියලයි.
හා හා....
77 වගේද?
අනේ යන්න පච කියවන්නේ නැතිව...
දැන්නම් ජනතාව කියන්නේ අපායට චුත වෙන්න කියලා...
ඔය මදැයි කළා...
දැනට කරලා තියෙන එක ඇති... කවදද ගෙදර යන්නේ? වහල්ලුන්ට නම් වෙනස සැපයි.
විප්ලවීය වෙනස වෙන්න නම් රජයේ කාර්යාලවල කාර්යක්ෂමතාවය තව වැඩිවෙන්න ඕනෑ. තවම බොහොම නිලධාරින්ගෙන් වැඩක් කරගන්න පස්සෙන් යන්න වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට නිවාස සැලසුම අනුමත කරගන්න 10 පාරක් විතර යන්න ඕනේ...
මදැයි හොඳටම කළා... දැන් ඉතින් ඇති...
කතා කරන්නේ කොතැනින්ද?
රුපියල් 1500 කින් 4දෙනෙක්ගෙන් යුත් පවුලකට දෙවේලක් වත් කන්න බැරිය. එ් වෙනුවට දෙනවා පාරවල් 1500ක්...!.
කාබනික වගාව ඉතා හොඳ දෙයක්.ඒත්,උපදේශකයන්ගේ වැරදි උපදෙස් නිසා ක්‍රමානුකූලව කළයුතු දේ එක්වරම කරන්නට ගොස් වැඩේ අනාගන්න සිද්ධ වුණා.දැන්වත් මේ වැඩේ ක්‍රමානුකූල පිළිවෙලකට කිරීමට පියවර ගන්න.
වෙනස නම් දැනටමත් වෙලා තියෙන්නෙ, සෞභාග්‍යයේ දැක්මට දැන් පොලිමේ යන්න වෙලා. කොහොමත් "විප්ලවීය වෙනස" ජනතාවට කරන්න වෙනවා මේ තක්කඩි ආණ්ඩුව එලවන්න.
ජනාධිපතිතුමෝ හොඳටම කළා නේද.? දැන් ඇති ඇමරිකාවට යන්නකෝ... අපේ රට බේරගන්න අපිට ඕනෑ. රට කන්නේ නැතුව දැන්වත් යන්න.