
(මනෝප්‍රිය ගුණසේකර)
ගාලු මුවදොර ‘ගෝඨා ගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියෙන් අතරතුර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකට අලාභ හානි කිරීම සහ එහි නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ඇතුලු දස දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අත්හිටවු සිරදඬුවම් අද (09) නියම කළාය.
පිළිගත් විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරිය ලැප්ටොප් පරිගණකයක් පැහැර ගැනීමේ චෝදනා ලැබු විත්තිකරුට රුපියල් 80,000/-ක දඩයක්ද නියම කළාය.
විත්තිකරුවන්ට වසර දෙක බැගින් නියම කළ බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර 10ක කාලයකට අත්හිටුවීමටද විනිසුරුවරිය නියම කළාය.
හෝටලයට වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට විත්තිකරුවන් දසදෙනා සූදානම් වුවත් අදාළ වන්දි බාරගැනීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අකමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා දැනුම් දුන්නේය. චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මොහොමඩ් අනාස් මහතා ඇතුලු දස දෙනෙකි.
2022 මැයි 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකට” එහි නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීම” ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීම ඇතුලු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරා දශක 7කටත් වැඩි කලායක් රටට බරක් වුණු අයට විරුද්ධව කළ අරගලයට ජාතියේ ප්‍රණාමය...!
මේ 10 දෙනා හිරේ ඉන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා...
ජොනියා හෝටලේ හැදුවේ ජනතාවගේ සල්ලි වලින් මිසක් තමුන්ගේ බූදලයෙන් නොවෙයි.
හිඟන්නන්ගෙන් මොන වන්දිද? ජොනී හොඳ මහත්මයෙක්...
අපි රෙදිනැතිව කඩේයන සීයා, මදිනොකියන්න වන්දි දුන්නනේ රක්ෂණ වන්දිවලට අමතරව. ඒක හින්දා ඔය ලක්ෂ දහයේ සොච්චම මොකටද?
ඔය හෝටලේ වගේ දෙක තුනක් හදන්න මෙයාට රනිල්ගේ ආණ්ඩුව මහජන මුදලින් වන්දි දීලා ඇති...