(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවේ සාමාජික ධූරයෙන් ඉවත් කිරීම සඳහාවූ යෝජනාව ලබන 24 වැනිදා බදාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
එම විවාදය එදින උදේ 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
මේ අතර ලබන 22 වැනි දා විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීම පිළිබඳ විවාදය ලබන 25 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 9.30 සිට සවස 12.30 දක්වා පැවැත්වෙන බව පාලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
හිටපු කතානායක අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදය ලබන 26 වැනිදා සිකුරාදා
පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමටද එම කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඈත.
ඔට්ටු ඇල්ලීම සහ සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, වරාය ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය, නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේවූ ගැසට් පත්‍රියේ සඳහන් නියෝගය ලබන 23 වැනිදා අඟහරුවාදා විවාදයට ගැනේ..
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනක නෙරපන යෝජනා විවාදය 24
C.K.Lankaputhra Friday, 19 May 2023 06:50 PM
රජය විසින් මහජනයා මත පටවනු ලබන අනිසි හා පීඩාකාරී තීන්දු තීරණ වලට විරුද්ධව තනිවම සටන් කළ මේ නිලධාරියාව එලවා දැමීම සඳහා යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම මැති ඇමැතියෙකුට කවදාකවත් ඔබගේ ඡන්දය නොදීමට හිතේ තබාගන්න. ඔවුන් අමු පාහර දේශපාලුවන් බව නිතරම මතක්කර ගන්න...
මල් මාමා Friday, 19 May 2023 07:59 PM
ඔබගේ අදහස් අනුමත කරමි... එහෙත් ලංකාවේ මිනිසුන් කිසිම දිනක ඔබගේ අදහස් අනුව ක්‍රියා නොකරන බව දන්වනු කැමැත්තෙමි. ලංකාවේ මිනිස්සුන්ගේ ලේ වල මොකක් හරි වැරැද්දක් තියෙනවා...
පැරකුම්Saturday, 20 May 2023 10:14 AM
වැරැද්ද ලේවල නෙවෙයි රටේ ආර්ථිකයයි... මොන ක්‍රමයකින් හෝ ගොඩඒමට කපටි දේශපාලුවන් පසුපස යන්නේ ඒ නිසයි. ජනතාවට නිවැරදි අවබෝධය ලබාදීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තාක්කල් මේ තත්වය එලෙසම පවතීවි...
K.a.anil Monday, 22 May 2023 10:14 PM
ජනක රත්නායක මහතා නිර්දෝෂී කෙනෙක් .ඔහු කතා කරන්නේ සමස්ථ මහජනයා වෙනුවෙන් .ඔහු රටට ආඩම්බර මහත්මයෙක්