
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන ජුනි මස සිදු නොවන බවත් ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් එම සංස්ථාව මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක තවදුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කාංචනගේ කොමිස් එකෙන් චුට්ටක් වත් අඩුකරන්න බැහැද? හාද?
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වහලා... එංගලන්තයේ පෙට්‍රල් ගිය මාසෙට පැන්ස 6ක් අඩුවෙලා... ඒ රුපියල් වලින් නම් රුපියල් 24 යි.
එක එකා හිරේ යන ඒවා බලාගෙන සංතෝෂයෙන් ඉන්න. ඒකට ආණ්ඩුව පත්කර ගත්තේ නැතිව ජීවන මට්ටම වැඩිකරගන්න නෙමෙයිනේ...!