IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජාතික රෝහලේ හෘද සැත්කම් නැවතීමේ අවදානමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

කොළඹ ජාතික රෝහලේ දිනකට බයිපාස් සැත්කම් දිනකට 6ත් 10ත් අතර ප්‍රමාණයක් සිදුවන බවත් රෝගියෙකු බයිපාස් සැත්කමක් සිදුකර ගැනීම සඳහා වසර 2 ක් පමණ ලැයිස්තුවේ බලා සිටින බවත් ආරංචි මාර්ග පැවැසුවේය. වසර කීපයක සිට රෝගීන් බයිපාස් සැත්කම් සඳහා අවශ්‍ය ඇතැම් ශල්‍ය ද්‍රව්‍ය වෛද්‍ය නිර්දේශය මත පිටතින් රුපියල් 70,000ක් පමණ මුදලක් වියදම් කර ගෙන ආ බවත් විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ සිදුවීමෙන් පසුව වෛද්‍යවරුන් පිටතින් ශල්‍ය ද්‍රව්‍ය රැගෙන එන ලෙස නිර්දේශ කිරීමට මැලිකමක් දක්වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් රෝගීන්ට ඉදිරියේදී මෙම ශල්‍ය ද්‍රව්‍ය ජීවිත තර්ජන එල්ල වන හිඟයක් විය හැකි බවත් මෙම හිඟයට විසඳුමක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින බවත් ආරංචි මාර්ග පැවැසුවේය.



අදහස් (5)

ජාතික රෝහලේ හෘද සැත්කම් නැවතීමේ අවදානමක්

අරවින්ද මොණරවිල Friday, 27 June 2025 05:06 PM

නලින්ද මොනවද වෙන්නේ ?

:       2       22

Champi Saturday, 28 June 2025 01:52 AM

නලින්ද එක්කෝ නියම විදිහට සෞඛ්‍ය සේවා ගැන වගකීම ගන්න මේ වගේ අත්‍යවශ්‍ය දේවල් සොයා බලා කඩා වැටී යන සෞඛ්‍ය සේවය නැවතත් ගොඩගන්න. නැත්නම් ජන මාධ්‍ය ඇමති ලෙස එහි වගකීම ගන්න. දැන් දෙකම අනාගෙන කරන්න ගිහින් ඒ දෙකින් එකක්වත් හරියට කරගන්න බෑ වගේ.

:       0       1

Srinath Friday, 27 June 2025 08:45 PM

අමාරුවෙන් ඉතුරු කරපු ඩොලර්ස් ටිකත් ඉවර කරන්න හදන්නේ...

:       1       5

සෙනෙවිරත්න Friday, 27 June 2025 09:27 PM

මේ උන්නැහැලාට සිංහල තේරෙන්නේ නැහැ. ඔය කියන සිද්ධියේදී එයා නිර්දේශ කරලා එයාගේ ගෝලයෙක් ලවා එයා සම්බන්ධ ෆාමසියකින් වැඩිමිලට ගෙවලා බඩු තමන්ම ශල්‍යකර්මය කරන තැනට ගෙන එනවා කියලයි උසාවියේදී කියැවුනේ..., මේ දොස්තර ගොල්ලත් එහෙම කරනවා ඇති... ඒකයි මේ බය, නැත්නම් උපකරණ, පරීක්ෂණ පිටතින් ගේන එක සාමාන්‍ය දෙයක්...

:       1       0

ගුණරත්න Saturday, 28 June 2025 07:42 AM

දැන් වෙන්නේ දොස්තර මහේෂි නඩුව විසික් කරන්න හා නැද්ද? මේ ගොන් බූරු ආණ්ඩුව ගලේ පහරපු බළල්ලු රංචුවක් වගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site